සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 545

නිච්චතා

ඉ. නිත්‍යබව, නිත්‍යභාවය. (පි. 336)

නිච්චම්ම

න. සමනැති, තර්‍මරහිත. (පි. 336)

නිච්චල

පු. නිශ්චල, අචල, නොසෙල්වන. (පි. 336)

නිච්චිත්තක

පු. සිත්නැත්තා. (පි. 336)

නිච්චොල

න. වස්ත්‍රරහිත, පිළිනැති. (පි. 336)

නිච්ඡන්ද

පු. ඡන්දයරහිත, කැමතිනැති. (පි. 336)

නිච්ඡය

පු. නිශ්චය, අධිමොක්ෂය. (පි. 336)

නිච්ඡරණ

න. පැතිරවීම. (පි. 336)

නිච්ඡරති

ක්‍රි. √ භු. (චර, චරනෙ, හැසිරීමෙහි, නි+චර+ති) හැසිරෙයි. (පි. 336)

නිච්ඡාත

පු. තෘෂ්ණ රහිත, ආසා රහිත. (පි. 336)

නිච්ඡාදෙති

ක්‍රි. √ චු. ඡද, සංවරණෙ, වැසීමෙහි, නි+ඡද+ණ+ති, වසවයි. (පි. 336)

නිච්ඡාරෙති

ක්‍රි. √ භු. (චර, චරණෙ, හැසිරීමෙහි, නි+චර+ණෙ+ති) හසුරුවයි. (පි. 336)

නිච්ඡිත

පු. නිශ්චිතාර්ථයෙහි, නිශ්චය කළ, පැහැර කෙරෙත්. (පි. 336)

නිච්ඡුභති

ක්‍රි. √ භු. (ඡුභ, නිච්ඡුභනෙ, විසිකිරීමෙහි +ති) විසිකරයි. (පි. 336)

නිචිත

පු. රැස්කරන ලද. (පි. 336)

නිජඣායති

ක්‍රි. √ භු. (ඣෙ, චින්තායං, සිතීමෙහි +ණ+ති) සිතා බලයි. (පි. 336)

නිජඣායන

න. බැලීම. (පි. 337)

නිජ්ජට

ති. අවුල්වලින් මිදු, ගැටවලින් මිදු. (පි. 336)

නිජ්ජර

පු. ජරානැත්තා, දෙවියා. (පි. 336)

නිජ්ජරෙති

ක්‍රි. √ භු. (ජර, හායනෙ, දිරීමෙහි, නි+ජර+ණ+ති) විනාශ කරයි. (පි. 336)

නිජ්ජින්න

පු. දිරීමට පැමිණි. (පි. 336)

නිජ්ජුව්හ

පු. දිවනැත්තා, වලිකුකුළා, කිඹුලා, මැඩියා. (පි. 336)

නිජ්ඣර

පු. දියඇල්ල, පර්‍වතයෙන් ගලා බසින දියපාර. (පි. 336)

නිජ්ඣාන

න. බැලීම. (පි. 336)