සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 562

නීයාතුං

අ. පිටතයාමට. (පි. 343)

නීයාදීත

න. පාවාදෙන ලද. (පි. 343)

නීයාදෙති

ක්‍රි. (√ භු. නෙද, කුමාරායං, ගැරහීමෙහි +ණෙ+ති) පාවාදෙයි. (පි. 343)

නීයාන

න. ගමන. (පි. 343)

නීයානික

පු. නෛර්‍ය්‍යානික.
න. නෛර්‍ය්‍යානික. (පි. 343)

නීයාම

පු. නියාමය. (පි. 343)

නීයාස

පු. ලාටු, මැලියම්. (පි. 343)

නීයුජ්ජ

පු. දාසයා. (පි. 343)

නීර

න. ජලය. (පි. 343)

නීරජ

ති. කෙලෙස්වලින් දුරුවූ. (පි. 343)

නීරව

ති. ශබ්ද නැති, නිශ්ශබ්ද. (පි. 343)

නීරස

ති. රස නැති, වේලුනු. (පි. 343)

නීරුජ

ති. ලෙඩ නැති. (පි. 343)

නීරොග

ති. රෝග නැති, සනීප ඇති. (පි. 344)

නීල

පු. කලු පැහැය, සොහොන, අළු.
√ භු. පැහැයෙහි, නීලති, නිල්පැහැ කරයි. (පි. 344)

නීලගීව

පු. මොනරා, ඊශ්වරයා. (පි. 344)

නීලජිත

පු. නිල්රන්වන් පැහැය. (පි. 344)

නීලති

ක්‍රි. (√ භු. නීල, වණ්ණෙ, පැහැයෙහි +ති) නිල්පැහැ කරයි. (පි. 344)

නීලලොහිත

න. ඊශ්වරයා. (පි. 344)

නීලවනරාජී

ඉ. නිල්වන රේඛාව. (පි. 344)

නීලසප්ප

පු. නිල්පැහැති සර්‍පයා, පණුවුල්ල, ඇහැටුල්ලා. (පි. 344)

නීලිකා

ඉ. කළුසෙපාලිකා, සෙවෙල්. (පි. 344)

නීලිනී

ඉ. බේරු. (පි. 344)

නීලුප්පල

න. නිලුපුල්. (පි. 344)