සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 593

පටිසෙධන

න. ප්‍රතිෂෙධනය, වැලැක්වීම. (පි. 359)

පටිසෙනා

ඉ. හතුරු සේනාව. (පි. 359)

පටිසෙනිකාරක

පු. හතුරුකම්කරන, විරුද්ධකම් කරන. (පි. 359)

පටිසෙනී

පු. හතුරා, අමි‍ත්‍රයා. (පි. 359)

පටිසෙවති

ක්‍රි. (√ භු. සෙවු, සෙවනිත, සේවනයෙහි +ති) සේවනය කරයි, ආශ්‍රය කරයි. (පි. 359)

පටිසෙවන

න. සේවනය කිරීම, ආශ්‍රය කිරීම. (පි. 359)

පටිසෙවිත

ති. සේවනයකළ, ආශ්‍රය කළ. (පි. 359)

පටිසොත

පු. ප්‍රතිශොතය. (පි. 359)

පටිහත

ති. නසන ලද, විනාශ කළ. (පි. 359)

පටිහනන

න. නැසීම, මැරීම. (පි. 359)

පටිහරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +ති) ගෙනයයි. (පි. 359)

පටිහාර

පු. නැවත ගෙනයාම, ද්වාරය, දොරටු පාලයා. (පි. 359)

පටු

ති. දක්ෂ, තීක්ෂණ, ඡෙක, රෝගමුක්තිය. (පි. 359)

පටොල

පු. දුම්මැල්ල, පතෝල. (පි. 359)

පඨති

ක්‍රි. (√ භු. පඨ, වියත්තියං, වාචායං, වියත් වචනයෙහි +ති) හදාරයි, ඉගෙනගනියි. (පි. 359)

පඨන

න. හැදෑරීම, උද්ග්‍රහණය. (පි. 359)

පඨම

පු. පළමුවැනි, ප්‍රථම. (පි. 359)

පඨමඡ්ඣාන

න. පලමුවන ධ්‍යානය, ප්‍රථම ධ්‍යානය. (පි. 359)

පඨමා

ඉ. ප්‍රථමා, පළමුවන තැනැත්තී. (පි. 359)

පඨමාවිජ්ජා

ඉ. පළමුවන විද්‍යාව. (පි. 359)

පඨවී

ඉ. පෘථිවිය, පොළොව. (පි. 359)

පඨවීකසිණ

න. පෘථිවිය අරමුණුකොට වඩන කසිනය. (පි. 359)

පඨවීධාතු

ඉ. පෘථිවි ධාතුව, පෘථිවිය. (පි. 359)

පඨිත

ති. හදාළ, ඉගෙනගත්. (පි. 359)