සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 692

භික්ඛ

√ භු. යාචනෙ, සිඟීමෙහි, භික්ඛති, සිඟයි.
න. යාඥාව, ආහාරය, භික්ෂාව. (පි. 409)

භික්ඛක

පු. සිඟන්නා, යාඥා කරන්නා. (පි. 409)

භික්ඛති

ක්‍රි. (√ භු. භික්ඛ, යාචනෙ, ඉල්වීමෙහි +ති) සිඟයි, ඉල්වයි. (පි. 409)

භික්ඛන

න. සිඟීම, යාඥාව. (පි. 409)

භික්ඛා

ඉ. භික්ෂාව, සිඟා ලබන ලද්ද, ආහාරය. (පි. 409)

භික්ඛු

පු. භික්ෂුව, ශ්‍ර‍මණයා, පැවිද්දා. (පි. 409)

භික්ඛු සඞ්ඝෙ

පු. භික්ෂු සමූහයා. (පි. 409)

භික්ඛුක

පු. භික්ෂුව. (පි. 409)

භික්ඛුනී

ඉ. භික්ෂුණිය, මෙහෙණ. (පි. 409)

භිඞ්ක

පු. ඇත් පැටියා, ඇත් පොවුවා. (පි. 409)

භිඞ්කාර

පු. රන් කෙණ්ඩිය, කෙණ්ඩිය, මොනර තුඩු ආකාර බලි කර්‍ම පිණිස තනන ලද භාජනයක්. (පි. 409)

භිඞ්ග

පු. නීල කොබෙයියා. (පි. 409)

භිඞ්ගරාජ

පු. කීකිරිඳිය, භෘඞ්ගරාජ. ‍ (පි. 409)

භිජ්ජන

න. බිඳීම, කැඩීම. (පි. 409)

භිජ්ජිති

ක්‍රි. (√ භු. භිද, විදාරෙණ, බිඳීමෙහි +ති) භිද+ජ්ජ+ති බිඳියි. (පි. 409)

භිත්ති

ඉ. බිත්ති, බිතු. (පි. 409)

භිත්තික

ති. බිත්ති ඇති, බිත්ති සහිත. (පි. 409)

භිද

√ දි. විදාරණෙ, බිඳීමෙහි, භිජ්ජති, බිඳියි. (පි. 409)

භිදි

√ රු. විදාරණෙ, දෙපළු කිරීමෙහි, භින්දති, බිඳියි. (පි. 409)

භිදූර

ති. බි‍ඳෙන ස්වභාව, වජ්‍රායුධය. (පි. 409)

භින්දති

ක්‍රි. බිඳියි, පලු කරයි. (පි. 409)

භින්දන

න. බිඳීම, පලු කිරීම. (පි. 409)

භින්දිවාල

පු. එනම් ආයුධය. (පි. 409)

භින්න

ති. පලන ලද, අන්‍යනිශ්‍රිත. (පි. 409)