සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 691
භාරිය
පු. භාරික, බර අදින්නා, බර උසුලන්නා. (පි. 408)
භාරී
පු. බර උසුලන්නා, බර ගෙන යන්නා. (පි. 408)
භාරුකච්ඡක
පු. එනම් ජනපදය. (පි. 408)
භාව
පු. පදාර්ථ, විද්යමාන, අභිප්රාය, ක්රියා ස්වභාව වීම, පුරුෂෙන්ද්රිය, ස්ත්රීන්ද්රිය. (පි. 408)
භාවනා
ඉ. වැඩීම, රාගද්වේෂාදිය මර්දනය කරන්නා වූ සිතිවිලි සිතීම, යම් ධර්මයක් නැවත නැවත මෙනෙහි කිරීම. (පි. 408)
භාවනීය
ති. වැඩිය යුතු. (පි. 408)
භාවිත
ති. වඩනා ලද, භාවනා කළ, සුවඳ කවන ලද්ද. (පි. 408)
භාවිතත්ත
ති. වඩනා ලද (සිත්) ආත්මය. (පි. 408)
භාවී
පු. වඩන සුලු තැනැත්තා. (පි. 408)
භාවෙති
ක්රි. (√ භු. සත්තායං, වීමෙහි +ති) වඩයි, වර්ධනය කරයි. (පි. 408)
භාස
√ භු. ඔභාසෙ, බැබලීමෙහි, ඔභාසති, බබලයි.
පු. කීම, කථනය.
√ භු. වාචායං, වියත් බසෙහි, භාසති, කියයි.
√ චු. ආදානෙ, ගැනීමෙහි, භාසෙති, භාසයති, ගනී. (පි. 408)
භාසක
පු. කියන්නා, කථා කරන්නා. (පි. 408)
භාසති
ක්රි. (√ භු. භාස, වියත්තීයං වාචාය, වියත් බිනීමෙහි +ති භාස+ති) කියයි, කථා කරයි. (පි. 408)
භාසන
න. කීම, කථා කිරීම. (පි. 408)
භාසපක්ඛි
පු. ඝොෂ්ටකුක්කුට පක්ෂියා = ඇටි කුකුළා. (පි. 408)
භාසා
ඉ. භාෂාව, තෙපුල, ඒ ඒ ජාතීන් පිළිබඳ භාෂා. (පි. 408)
භාසිත
ති. කියන ලද, තෙපුල. (පි. 408)
භාසී
පු. කියන සුල්ලා, කියන ස්වභාව ඇත්තා. (පි. 408)
භාසුර
ති. බබලන සුලු දෙය, දීප්තිමත් දෙය. (පි. 408)
භිංස
ති. බියජනක, බිය උපදවන, භයානක. (පි. 409)
භිංසන
න. භයානක, මහත් බය. (පි. 409)
භිංසනක
ති. භය ජනක, භයානක. (පි. 409)
භිංසා
ඉ. බිය, භය. (පි. 409)
භිංසිකා
ඉ. භය ජනක දේ, බියජනක පෙර නිමිත්ත. (පි. 409)