සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 720

මායාකාර

පු. ඉන්ද්‍ර‍ජාලිකයා, මායාකාරයා. (පි. 423)

මායාදෙවී

ඉ. එනම් දෙවිය. (පි. 423)

මායාදෙවීසුත

පු. මායාදේවියගේ පුතා, සිදුහත් කුමරු. (පි. 423)

මායාවී

ති. මායා ඇත්තා, ඉන්ද්‍ර‍ජාලිකයා. (පි. 423)

මායු

පු. පිත (පි. 423)

මාර

පු. වසවත්තිමාරයා, මරණය, පඤ්චමාර බලනු. (පි. 423)

මාරක

පු. මරණය, මරන්නා. (පි. 423)

මාරකායික

පු. මාරපිරිසට අයත්, මාරනිකායික. (පි. 423)

මාරජ

පු. මාරපරාජය කළ තැනැත්තා, බුදු රජ. (පි. 423)

මාරණ

න. මැරීම, වධය. (පි. 423)

මාරණන්තික

පු. මරණාසන්න, මරණය සමීපව සිටී. (පි. 423)

මාරත්ත

න. මාරාත්මය, වසවත්ති මාරාත්ම භාවය. (පි. 423)

මාරධීතු

ඉ. මාරයාගේ දූවරු, තණ්හා, රතී, රගා යන තුන්දෙනා. (පි. 423)

මාරධෙය්‍ය

ති. මාරයා විසින් දැරිය යුත්ත සංසාරවෘතය. (පි. 423)

මාරබන්ධන

න. මාරපාසය, පඤ්චකාමබන්ධනය. (පි. 423)

මාරභඤ්ජන

පු. මාරපරාජයකළ තැනැත්තා, බුදුරජ. (පි. 423)

මාරමන්දිර

න. මාරභවනය, ස්ත්‍රීනිමිත්ත. (පි. 423)

මාරසෙනා

ඉ. මරසෙනඟ, මාරපිරිස. (පි. 423)

මාරහරිහර

පු. විෂ්ණු. (පි. 423)

මාරාපිත

ති. මරවනලද, මැරූ. (පි. 423)

මාරාපෙති

ක්‍රි. (√ චු. මර, පාණවාගෙ, දිවි පිදීමෙහි +ණෙ+ති) (මර+ණාපෙති) මරවයි. (පි. 423)

මාරාභිභූ

පු. මාරපරාජය කළ තැනැත්තා, බුදුරජ. (පි. 423)

මාරාමිස

න. මාරයාගේ ගෝචරය, පස්කම් රසය. (පි. 423)

මාරිත

ති. මරණලද, මැරූ. (පි. 423)