සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 721

මාරිස

ති. නිදුක්, ශ්‍රේෂ්ඨ, උත්තම.
පු. සුලුකූර පැලෑටිය. (පි. 423)

මාරුත

න. සුළඟ, වාතය. (පි. 423)

මාරෙති

ක්‍රි. (√ චු. මර, පාණචාගෙ, දිවිපිදීමෙහි +ණෙ+ති) (මර+ණෙ+ති) මරවයි. (පි. 423)

මාල

න. පුෂ්පය, මල.
පු. එක් බුමුයුත් ගෙය, එක් මාල්ගෙය. (පි. 423)

මාලක

පු. මාල් ඇති, තට්ටු ඇති, කොසොඹ ගස. (පි. 423)

මාලතී

ඉ. දෑසමන්, සමන්පිච්ච. (පි. 423)

මාල්‍ය

න. මල්දම, මල්. (පි. 424)

මාලා

ඉ. මල්දම, මල්, පඞ්ක්තිය. (පි. 423)

මාලාකම්ම

න. මාලාකර්‍ම, මල ලොඹුකිරීම, මල්වඩම් තැනීම, මල්වැඩ කිරීම (පි. 423)

මාලාකාර

පු. මල් කරුවා, මල්වඩම් ගොතන්නා. (පි. 423)

මාලාගුණ

න. මල්දම, මල්වඩම. (පි. 423)

මාලාචුම්බටක

න. මල් දරණුව. (පි. 423)

මාලාවච්ඡ

පු. මල්පැල; මල් පැලෑටි. (පි. 423)

මාලික

පු. මල්කරුවා, මල්වඩම් සාදන තැනැත්තා. (පි. 423)

මාලිකා

ඉ. සමන් පිච්ච. (පි. 423)

මාලිනී

ඉ. මාලා ඇති. (පි. 423)

මාලී

ඉ. මාලා ඇති. (පි. 423)

මාලුක

පු. භාජන විශේෂයක්. (පි. 423)

මාලුත

පු. මාරුත, සුළඟ. (පි. 423)

මාලුත්තරිත

ති. (මාලුත+ඊරික) වාතයෙන් කම්පා කළ. (පි. 423)

මාලුවා

ඉ. එනම් වැල, යම් ගසක මේ වැල එතුනේ නම් එයින් ඒ ගස විනාශයට පැමිණේ. (පි. 424)

මාලූර

පු. බෙලිගස. (පි. 424)

මාස

පු. මාසය, පක්ෂ දෙකකින් යුත් කාලය, ධාන්‍ය විශේෂයක්, උඳු (පි. 424)

මාසක

පු. මදටියක ප්‍ර‍මාණය, ඔලිඳ ඇට දෙකක බර. (පි. 424)