සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 741
යසො
න. යසස, කීර්තිය, ප්රසිද්ධිය, උසස් තත්වය. (පි. 434)
යසොධරා
ඉ. එනම් රාහුල මාතාව. (පි. 434)
යහ
√ භු. මෙථුනෙ, මෙවුන්දම් සෙවීමෙහි, යහති, මෛථුන ධර්ම සේවනය කරයි. (පි. 433)
යහිං
අ. යම් තැනක. (පි. 434)
යා
√ දි. ගමනෙ, යාමෙහි, යායති, යෙයි, පැමිණෙයි.
ඉ. යම් ස්ත්රියක් තොම, යමක් තොම.
√ භු. ගමනෙ, යාමෙහි, යාති, යෙයි, පැමිණෙයි. (පි. 434)
යාග
පු. අශ්වමෙධාදි යාග, හෝම පූජා, දානය. (පි. 434)
යාග පිණ්ඩ
න. යාග දිනයන්හි දෙන පිඩු, දෙවදානය. (පි. 434)
යාග සම්පදා
ඉ. යාග සම්පත්තිය. (පි. 434)
යාගී
පු. යාග කරන්නා. කපුවා. (පි. 434)
යාගු
ඉ. කැඳ, හුලුකැඳ. (පි. 434)
යාච
√ භු. යාචනෙ, ඉල්වීමෙහි, යාචති, ඉල්වයි.
පු. යාඥාව, ඉල්ලීම. (පි. 434)
යාචක
පු. යදියා, යාචකයා, ඉල්ලන්නා. (පි. 434)
යාචති
ක්රි. (√ භු. යාච, යාචනෙ, ඉල්වීමෙහි +ති) ඉල්වයි, යාඥා කරයි. (පි. 434)
යාචන
න. ඉල්ලීම, යාඥාව. (පි. 434)
යාචනක
පු. යාඥා කරන්නා, ඉල්වන්නා, යදියා. (පි. 434)
යාචනා
ඉ. යාඥාව, ඉල්ලීම. (පි. 434)
යාචයොග
පු. ඉල්ලීමට හෝ යාඥාවට යොග්ය. (පි. 434)
යාචිත
ති. ඉල්වන ලද, යාඥා කළ. (පි. 434)
යාචිතික
පු. ඉල්වන්නා, යදියා. (පි. 434)
යාචිනී
ඉ. රාත්රිය, රැය. (පි. 434)
යාජ
න. බිලි පූජාව, දන්දීම, නිදහස. (පි. 434)
යාජක
පු. යාග කරන්නා, පුදන්නා. (පි. 434)
යාජන
න. යාගය, පිදීම. (පි. 434)
යාජිත
ති. පුදන ලද, යාගකළ. (පි. 434)