සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 742

යාජී

පු. යාගකරන්නා, පුදන්නා. (පි. 434)

යාජෙති

පු. පුදයි, යාගකරයි. (පි. 434)

යාත

ති. ගිය, ගමන් කළ, පුරුද්ද, සිරිත. (පි. 434)

යාතනා

ඉ. කම්කටුල. (පි. 434)

යාත්‍රා

ඉ. ගමන, ප්‍ර‍වෘත්තිය. (පි. 434)

යාති

ක්‍රි. යෙයි, ගමනය කරයි. (පි. 434)

යාථාව

යථාභූත, සිදුවූ පරිදි, අවිපරීත. (පි. 434)

යාදිච්ඡක

න. ඉච්ඡාපරිදි, ඇතිතාක්. (පි. 434)

යාදිස

ති. යම්බඳු, යම් ආකාර, යාදිසක. (පි. 434)

යාන

න. ගමන, රථාදිය. (පි. 434)

යානසන්නිධි

ඉ. යාන වාහන රැස්කර තැබීම. (පි. 434)

යානික

පු. යානා ඇත්තා, යානාවෙන් හැසිරෙන්නා, සමථයානික, විපස්සනා යානික. (පි. 434)

යානිකත

ති. යානාවක් මෙන් ආශ්‍ර‍ය කරන ලද. (පි. 434)

යානී

ති. යානා ඇත්තා. (පි. 434)

යාපන

න. යැපීම, සෑහීම. (පි. 435)

යාපනමත්ත

ති. යැපිය යුතු පමණ, දිවි පැවැත්මට සෑහෙන පමණ, ජීවන ප්‍ර‍මාණය. (පි. 435)

යාප්‍ය

ති. යැපිය යුතු, පොෂ්‍යය විය යුතු. (පි. 434)

යාප්‍යයාන

න. සිවිගෙය, රන්සිවි ගෙය. (පි. 435)

යාපෙති

ක්‍රි. (√ භු. යාප, යාපනෙ, යැපීමෙහි +ණෙ+ති) යැපෙයි, පොෂ්‍යය වෙයි. (පි. 435)

යාම

පු. සංවරය, ප්‍ර‍හරණ නම් වූ කාල විශේෂය, කාලය ප්‍ර‍ථම යාමය මධ්‍යම යාමය පශ්චිම යාමය යන කාල පරිච්ඡේදය. (පි. 435)

යාමකාලික

ති. පූර්‍ව, මධ්‍යම, පශ්චිම යන යාම තුණට සීමා වූ කාලයට අයත්, (සිංහල පැය ගණනින් දවල් හෝ රෑ තිස් පැයින් තුණෙන් කොටසක් වූ දස පැය යාම නම් වේ.) (පි. 435)

යායති

ක්‍රි. (√ භු. යා, ගති පාපුණනෙසු, ගමන්හි +ති) යෙයි. (පි. 435)

යායී

පු. යන්නා, ගමන් කරන්නා. (පි. 435)

යාව

අ. පරිච්ඡෙද, සාකල්ප, ප්‍ර‍කීර්‍ණ, අවධි, අවධාරණ යනාදියෙහි. (පි. 435)