සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 743

යාවකීවං

අ. යම්පමණ, යම්තාක්. (පි. 435)

යාවජීව

න. ජීවිත සීමාව දක්වා, දිවිහිමියෙන්. (පි. 435)

යාවජීවික

න. දිවි ඇතිතාක්, පණ තිබෙන තුරු. (පි. 435)

යාවත

පු. යවන දෙසයට අයත්, තුරුක් තෙල්. (පි. 435)

යාවතක

පු. යම් පමණ, යම්තාක්. (පි. 435)

යාවතතිය

ති. තුන්වන වාරය දක්වා. (පි. 435)

යාවත්තු

පු. යම් පමණක්. (පි. 435)

යාවතා

අ. පරිච්ඡේදයෙහි, යම් පමණ. (පි. 435)

යාවතාව

අ. ඒ තාක්, එපමණ. (පි. 435)

යාවතික

ති. යම් පමණ, යම් ප්‍ර‍මාණයක. (පි. 435)

යාවතිහං

අ. බොහෝ දවස්, බොහෝ කල්. (පි. 435)

යිට්ඨ

පු. ඉට්ඨ, පුදනලද. (පි. 435)

යු

√ භු. මිස්සනෙ, ගමනෙච, මිශ්‍ර‍ කිරීමෙහි හා යාමෙහි, යොති, යවති, මිශ්‍ර‍ කෙරෙයි. යෙයි.
√ චු. පටික්කූලෙ, පිළිකුල් කිරීමෙහි, යාවෙති, යාවයති, පිළිකුල් කෙරෙයි. (පි. 435)

යුග

න. කල්ප, යුග්මාර්‍ථය යුගලය, ජීවත් වන කාලය, ක්‍රෙතත් ත්‍රෙතත් ද්වාපර යන වර්‍ෂ ප්‍ර‍මාණ කාල විශේෂය.
√ භු. හැරීමෙහි, යුඞ්ගති, හරියි.
පු. විය, වියදණ්ඩ, වියගස. (පි. 435)

යුගකීල

න. වියගසෙහි අග ගසන ඇණය. (පි. 435)

යුගග්ගහ

පු. එකට එක කිරීම, යුගග්‍රාහය. (පි. 435)

යුගග්ගාහ

පු. යුග ග්‍ර‍හණය, එකට එක කිරීම. (පි. 435)

යුගනඞ්ගල

න. වියගස හා නගුල. (පි. 435)

යුගනද්ධ

ති. වියගසෙහි යොදනලද, රියෙහි බඳින ලද. (පි. 435)

යුගනන්ධ

ති. එකට යෙදුනු, වියගසෙහි යොදන ලද. (පි. 435)

යුගන්ත

පු. කපනැසීම, ලොක විනාසය, යුගාන්තය. (පි. 435)

යුගන්ධර

පු. එනම් කුළ පර්‍වතය, - රියකඳ, ඒරිය කඳ. (පි. 435)

යුගපත්ත

පු. යුග්මපත්‍ර‍, කොබෝලීල. (පි. 435)

යුගමත්ත

න. විය දණ්ඩක ප්‍ර‍මාණය. (පි. 435)