සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 771

ලුඤ්චන

න. ඉදිරීම. (පි. 450)

ලුඤ්චිත

ති. උදුරණ ලද, සිඳින ලද. (පි. 450)

ලුට

√ නාසෙ, නැසීමෙහි, ලොටති, නසයි.
√ චු. භාසනෙ, කීමෙහි, ලොටෙති, ලොටයති. කියයි (පි. 450)

ලුටි

√ චු. චොරියෙ, සොරකමෙහි, ලුණ්ටෙති ලුණ්ටයති සොරකම් කෙරේ.
√ භු. මොහෙ, ඇලලීමෙහි, ලොටති, අලලයි (පි. 450)

ලුටී

√ භු. චොරෙ, සොරකමෙහි, ලූණ්ටති, සොරකම් කරයි. (පි. 450)

ලුඨ

√ භු. තාඩනෙ, තැලීමෙහි, ලොඨති, තලයි. (පි. 450)

ලුඨති

ක්‍රි. (√ භු. ලුඨි, චොරෙ, සොරකම් කිරීමෙහි +ති) කොල්ලකයි. (පි. 450)

ලුඨි

√ භු. ආලස්‍යෙ අලසභාවයෙහි, ලුණ්ඪති, අලසවෙයි.
√ භු. ගමනෙ, යාමෙහි, ලුණ්ටති, යෙයි. (පි. 450)

ලුත

ති. කැපූ, ඡෙදනය කළ. (පි. 450)

ලුත්ත

ති. ලොප්කළ, මකාදමන ලද (පි. 450)

ලුත්තසමාස

පු. විභත්ති ලොප් කළ උසමාසය. (පි. 450)

ලුථි

√ භු. පීඩායං පීඩාවෙහි, ලුන්ථති, පීඩාවෙයි කිලුටුවෙයි. (පි. 450)

ලුද්ද

පු. ව්‍යාධයා, වැද්දා, වැදි.
ති. කර්‍කශ රළු. (පි. 450)

ලුද්දක

පු. වැද්දා, ව්‍යාධයා. (පි. 450)

ලුද්ධ

පු. වැදි, ව්‍යාධ.
ති. ලොල් තැනැත්තා, ලොලයා. (පි. 450)

ලුන

න. සිඳීම, කැපීම. (පි. 450)

ලුනාති

ක්‍රි. (√ භු. ලූ, ඡෙදනෙ, සිඳීමෙහි +ති) කපයි, සිඳියි. (පි. 450)

ලුප

√ දි. අදස්සනෙ, නොදැක්මෙහි, ලුම්පති, නොදකියි.
√ රු. නාසෙ, නැසීමෙහි, සිඳීමෙහි, ලුම්පති, සිඳියි, නසයි. (පි. 450)

ලුබ්භති

ක්‍රි. (√ දි. ලුභ, ගි‍ඬෙ, ගිජුවීමෙහි +ති) ලොබකරයි. ලෝභඋපදවයි. (පි. 450)

ලුබ්භන

න. ලෝභවීම, ලෝභකිරීම. (පි. 450)

ලුබි

√ චු. පීඩායං, පෙළීමෙහි, ලුම්බෙති, ලුම්බයති, පෙළයි.
√ භු. පීඩනෙ, පීඩාවෙහි, ලුම්බති, පීඩාවෙයි. (පි. 450)

ලුභ

√ දි. ආලයෙ, ඇලීමෙහි, ලුබ්භති, ඇලෙයි.
√ චු. මොහෙ, මුළාවීමෙහි, ලොභති, මුළාවෙයි. (පි. 450)

ලුම්පති

ක්‍රි. (√ දි. ලුප, අදස්සනෙ, නොපෙනීයාමෙහි +ති) කොල්ලකයි. පැහැරගනියි. (පි. 451)

ලුම්පන

න. කොල්ලකා ගැනීම, බලයෙන් පැහැර ගැන්ම. (පි. 451)