සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 785

වත්ථුදෙවතා

ඉ. ගෘහවස්තු ආදියට අරක්ගත් දෙවතාවා. (පි. 457)

වත්ථුපරිකිරණ

න. වත්ථුකර්‍මය පිණිස නොයෙක් දේ ගෙන්වා ග්‍ර‍හබලි විධාන කිරීම. (පි. 458)

වත්ථුල

න. මහකූර පැලෑටිය. (පි. 458)

වත්ථුලෙය්‍යක

පු. මහකූර. (පි. 458)

වත්ථුවිජ්ජා

ඉ. අහසෙහි හා පොළොවේද ගුණාගුණ ප්‍ර‍කාශ කරන වත්ථුවිජ්ජාව, ගෙබින් ශාස්ත්‍ර‍ය. (පි. 458)

වති

ඉ. වැට, තෝරාගැනීම, “පුබ්බෙ සාමා නාම වතියා පන කාරිතත්තා සාමාවතී, නාම, ජාතා.” (පි. 458)

වතික

පු. වත් ඇත්තා, වෘතශීල ඇත්තා, (පි. 458)

වතිකා

ඉ. වැට. (පි. 458)

වතු

√ භු. වත්තනෙ, පැවැත්මෙහි වත්තති පවත්තති, පවතී.
√ චු. කථනෙ, කීමෙහි, වත්තෙති, වත්තයති, කියයි. (පි. 458)

වද

√ චු. කථනෙ, කීමෙහි, වාදෙති, වාදයති, කියයි.
ති. යහපත් වචන ඇත්තා.
√ භු. වචනෙ, කීමෙහි, උපදවති, ඔවදති. (පි. 458)

වදඤ්ඤු

පු. යහපත් වචන ඇත්තා, දානසීලියා, උතුම් වචන දන්නාසුලු තැනැත්තා. (පි. 458)

වදඤ්ඤුතා

ඉ. වදඤ්ඤු භාවය. (පි. 458)

වදති

ක්‍රි. (√ භු. වද, වචනෙ, කීමෙහි +ති) කියයි, බෙණෙයි. (පි. 458)

වද්ධ

√ චු. කථනෙ, කීමෙහි, වද්ධෙති, වද්ධයති. පුරයි, සිඳියි.
√ චු. කථනෙ, කීමෙහි, වද්ධෙති, වද්ධයති. කියයි.
ති. වෘද්ධ, පරණ, මහලු.
√ භු. වඩ්ඪනෙ, වැඩීමෙහි, වද්ධති, වැඩෙයි. වුද්ධි, වුද්ධො.
√ චු. පූරණෙ, ඡෙදනෙව, පිරීමෙහි සිඳීමෙහි, වද්ධෙති, වද්ධයති, පුරයි, සිඳියි. (පි. 458)

වද්ධක

ති. මහලු, නාකියා, වෘද්ධයා. (පි. 458)

වද්ධන

න. වර්‍ධනය, වැඩීම, දියුණුව. (පි. 458)

වද්ධව

න. ප්‍රීතිය, සතුට. (පි. 458)

වද්ධාපචායන

න. වෘද්ධයන් පිදීම, වැඩිසිටියන් පුදන. (පි. 458)

වදාත

න. මුඛය, මුහුණ. (පි. 458)

වදාන

න. මුඛය, මුහුණ.
ති. කියූ, ඊනියා. (පි. 458)

වදානීය

ති. බොහෝ දෑ දෙන්නා. (පි. 458)

වදාපන

ති. කියවන, ශබ්ද කරවන. (පි. 458)

වදි

√ චු. වන්ධනෙ, වැඳීමෙහි, වාදෙති, වාදයති, වඳියි, ස්තුති කරයි. (පි. 458)

වධ

√ චු. නාසෙ, නැසීමෙහි, වධෙති, වධයති, නසයි.
√ භු. බන්ධනෙ හිංසායංච, බැඳීමෙහි, පෙළීමෙහි, වධති, බඳියි, පෙළයි.
පු. මැරීම, වධය, තැළීම. (පි. 458)