සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 816

විධූපන

න. නැසීම, විධූපනය. (පි. 471)

විධූපිත

ති. දවන ලද, දුම්ගස්සන ලද. (පි. 471)

විධූම

පු. දුම් රහිත. (පි. 471)

විධූර

පු. න. පණ්ඩිතයා, විවාදාපන්නයා. (පි. 471)

විනට්ඨ

ති. නැසෙනලද, විනාශවන ලද. (පි. 471)

විනත

ති. නැමුනු. (පි. 471)

විනතක

පු. නැමුනු තැනැත්තා. (පි. 471)

විනතා

ඉ. ගුරුළු මව. (පි. 471)

විනදති

ක්‍රි. (√ භු. නද, අබ්‍යත්ත සද්දෙ, අවියත් නදෙහි +ති) නාද කරයි. (පි. 471)

විනද්ධ

පු. වෙළන ලද, ගොතනලද. (පි. 471)

විනද්ධති

ක්‍රි. (√ නද, ගන්ථනෙ, ගෙතීමෙහි +ති) ගොතයි, වෙලයි. (පි. 471)

විනද්ධන

න. වෙලීම, ගෙතීම. (පි. 471)

විනන්ධන

න. බැඳීම, වෙළීම, ගෙතීම. (පි. 471)

විනමන

න. එහාට මෙහාට නැමීම. (පි. 471)

විනය

පු. හික්මීම, විනය පිටකය. (පි. 471)

විනයඤ්ඤු

පු. විනය දත්තා, විනය කර්‍මය දැනගත්තා. (පි. 471)

විනයති

ක්‍රි. (√ භු. නී, නයෙ, පැමිණවීමෙහි +ති) හික්මෙයි, පැමිණෙයි. (පි. 471)

විනයධර

පු. විනයධරන්නා, විනයපිටකය දරන්නා. (පි. 471)

විනයන

න. හික්මීම, හික්මවන. (පි. 471)

විනයපිටක

න. ත්‍රිපිටකයෙන් විනයට අයත් කොටස, පාරාජිකා පරිවාර, පචිති, සුලුවග, මහවග යන පොත් සතර. (පි. 471)

විනලි

ති. නල රහිත, සිදුරු රහිත. (පි. 472)

විනලිකත

ති. නල රහිත කළ. (පි. 472)

විනස්සති

ක්‍රි. (√ දි. නස, අදස්සනෙ, නොපෙණීමෙහි +ති) නැසෙයි, විනාශ වෙයි. (පි. 472)

විනස්සන

න. නැසෙන, විනාශවන. (පි. 472)