සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 822
විප්පවුත්ථ
ති. නොපැමිණි, නොවැසූ. (පි. 473)
විප්පවුත්ථු
පු. වෙන්ව වාසය කළ, ගණ සඞ්ගණිකාවෙන් තොරව වාසය කළ. (පි. 473)
විප්පසන්න
ති. අතිශයින් ප්‍රසන්න, ඉතා පැහැදුනු. (පි. 473)
විප්පසාදන
න. විශේෂ පැහැදීම, මනා පැහැදීම. (පි. 473)
විප්පසාදෙති
ක්‍රි. (√ භු. සාද, සාදනෙ, රස විඳීමෙහි +ණෙ+ති) විශේෂයෙන් පහදියි. (පි. 473)
විප්පහාන
න. අත්හැර යෑම, දීම. (පි. 473)
විප්පහීන
න. ප්‍රහීණ කළ.
ති. ප්‍රහීණය, නිරුද්ධය. (පි. 473)
විප්ඵන්දති
ක්‍රි. (√ භු. එදි, කිඤ්චිචලනෙ, සෙලවීමෙහි +ති) සැලෙයි, ගැහෙයි. (පි. 473)
විප්ඵන්දන
න. සැලීම, ගැහීම. (පි. 473)
විප්ඵන්දිත
ති. සැලුනු, ගැහුනු. (පි. 473)
විප්ඵල
න. නිෂ්ඵල, ඵලරහිත, විපාක නැති (පි. 473)
විප්ඵාර
පු. පතළ, විස්තාර. (පි. 473)
විප්ඵාරික
ති. පතළ, පතළ බව. (පි. 473)
විප්ඵාරිත
ති. පතළ, පැතුරුණු. (පි. 473)
විප්ඵාලිත
ති. පළන ලද, දෙපළු කළ. (පි. 473)
විප්ඵාලෙති
ක්‍රි. (√ භු. ඵල, භෙදනෙ බිඳීමෙහි +ණෙ+ති) පළයි, දෙපළුකරයි. (පි. 473)
විප්ඵුරණ
න. විස්ඵන්දනය, චංචලය, සෙලවීම. (පි. 473)
විප්ඵුරති
ක්‍රි. (√ භු. ඵර, චලනෙසු, සෙලවීමෙහි +ති) චංචල වෙයි, සෙලවෙයි. (පි. 473)
විප්ඵුලිඞ්ග
න. ගිනි පුපුර. (පි. 473)
විප්ඵොටිත
ති. පොඩිකළ, විශේෂයෙන් පොඩි කළ. (පි. 473)
විපාක
පු. ඵලය, විපාකය, ආනිසංසය. (පි. 474)
විපාචන
න. නැසීම, පිසීම, පැසීම. (පි. 474)
විපාචෙති
ක්‍රි. (√ භු. පව, පාකෙ, පිසීමෙහි +ණෙ+ති) පැසවයි, පිසයි. (පි. 474)
විපාටන
න. විදාරණය, දෙපළු කිරීම. (පි. 474)