සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 855

සංහිතා

ඉ. සන්ධිය, අතරක් නොදක්වා සන්ධි කිරීම. (පි. 491)

සංහීයති

ක්‍රි. (√ සු. හි, ගතියං, යෑමෙහි +ති) සන්ධි කරයි. (පි. 491)

සංහීරති

ක්‍රි. (√ භු. හර, හරණෙ, හැරීමෙහි +ති) ඇද දමයි. (පි. 491)

සක

√ භු. ගමනෙ, යාමෙහි, සක්කති, යෙයි.
√ සු. සත්තිම්හි, සමර්ථබැව්හි, සක්කුණති, සමර්ථවෙයි, හැකිවෙයි.
√ තු - සාමර්ථයෙ, බැව්හි, සක්කොති, හැකිවෙයි.
පු. ස්වකීය, තමාට අයිති දෙය. (පි. 491)

සකට

පු. ගැල, රථය, යාල. (පි. 491)

සකටගොපක

පු. ගැල් රකින්නා. (පි. 491)

සකටමග්ග

පු. රථ මාර්‍ගය, ගැල් මාවත. (පි. 491)

සකටව්‍යුහ

න. පිළිවෙළට තැබූ කරත්ත සමූහය, රථ සේනාව. (පි. 491)

සකටවාහ

න. ගැල් බරක්. (පි. 491)

සකට්ඨාන

න. ස්වකීය ස්ථානය. (පි. 491)

සකදාගාමි

පු. එක්වරක් එන තැනැත්තා, උත්පත්ති වශයෙන් මනුෂ්‍ය ලෝකයට එක වාරයක් එන තැනැත්තා. (පි. 491)

සකරණිය

පු. කටයුතු සහිත, ක්‍රියා සහිත. (පි. 491)

සකල

පු. න. අර්‍ධය, භාගය.
ති. සියලු, සර්‍ව. (පි. 491)

සකලි

පු. මත්ස්‍යයා. (පි. 491)

සකලික

න. පතුර, ගල් පතුර. (පි. 491)

සකලිකහීර

න. මස්කෑර. (පි. 491)

සක්ක

√ චු. උබ්බෙගෙ, තැති ගැනීමෙහි, සක්කෙති, සක්කයති, තැතිගනී.
ති. හැකි, පුළුවන්, යොග්‍ය, කෙලිඳ ගස.
√ භු. ගමනෙ, යාමෙහි, සක්කති, යෙයි
පු. ශක්‍ර‍යා, ශාක්‍ය ජනපදය, ශාක්‍ය වංශිකයා. (පි. 491)

සක්කච්ච

අ. සකස් කොට යනාර්ථයෙහි. (පි. 491)

සක්කච්චකාරි

පු. සකස්කොට ක්‍රියාකරන්නා (පි. 491)

සක්කත

ති. සත්කාර කළ. (පි. 491)

සක්කතව්හය

පු. බකමූණ, (පි. 491)

සක්කපාදප

පු. දෙවදාර ගස. (පි. 491)

සක්කපුත්ත

පු. ශාක්‍ය බුද්ධ පුතා. (පි. 492)

සක්කපුර

න. ශක්‍ර‍ පුරය, තව්තිසා දෙව්ලොව. (පි. 491)