සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 856

සක්කරණ

න. සත්කාර කිරීම. (පි. 491)

සක්කරොති

ති. සත්කාර කරයි. (පි. 491)

සක්කා

අ. හැකිය යනාර්ථයෙහි. (පි. 491)

සක්කායදිට්ඨි

ඉ. ආත්ම දෘෂ්ටිය. (පි. 491)

සක්කාර

පු. සත්කාරය, මනාකාරය. (පි. 491)

සක්කොති

ක්‍රි. හැකි වෙයි. (පි. 491)

සක්ඛර

න. හකුරු, බොලුකැට. (පි. 491)

සක්ඛරා

ති. ඉක්ෂුවිකාරය = හකුරු, කැබිලිති, බොරලු. (පි. 491)

සක්ඛරිකා

ඉ. සකුරු, හකුරු. (පි. 491)

සක්ඛරිල්ල

ති. ගල් සහිත, බොරළු සහිත. (පි. 491)

සක්ඛලි

ඉ. කර්‍ණද්වාරය, කණ්දොර. (පි. 491)

සක්ඛලිකා

ති. කණ්දොරට අයත්. (පි. 491)

සක්ඛි

ඉ. සාක්ෂිය, ප්‍ර‍ත්‍යක්ෂය. (පි. 491)

සක්ඛිදිට්ඨ

ති. මුහුණට මුහුණ බැලූ. (පි. 491)

සක්ඛිපුට්ඨ

ති. සාක්ෂ්‍ය විචාළ, සාක්ෂ්‍ය ඇසූ. (පි. 491)

සක්‍යකුල

න. ශාක්‍ය කුලය. (පි. 492)

සක්‍යපුඞ්ගව

පු. බුදුරජ, ශාක්‍යවංශොත්තමයා (පි. 492)

සක්‍යපුත්තික

පු. ශාක්‍ය පුත්‍ර‍යා, ශාක්‍ය මුනි පුත්‍ර‍යා. (පි. 492)

සක්‍යපුත්තිය

පු. සක්‍ය පුත්තිකයා. (පි. 492)

සක්‍යමුනී

පු. ගෞතම මුනිරජ. (පි. 492)

සකාය

අ. තමා අයත්. (පි. 492)

සකාස

ති. සමීපය. (පි. 492)

සකි

√ භු. සඞ්කායං, සැකයෙහි, සඞ්කති, සැක කරයි. (පි. 492)

සකිං

අ. වරක්, වාරයක්, විටක්. (පි. 492)