සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 908

ස්වෙ

අ. හෙට, සෙට දිනය. (පි. 538)

සා

පු. බල්ලා, සුනඛයා.
√ දි. නිට්ඨාපනෙ, නිමීමෙහි.
√ දි. සායනෙ, රසවිඳීමෙහි, සායති, රසවිඳී.
√ දි. තනුකරණෙ, තුනීකිරීමෙහි, සායති, තුනීකරයි.
√ භු. සාමත්ථියෙ, පොහොසත් බැව්හි, සාති. සමර්ථවෙයි. (පි. 516)

සාක

පු. පලා, මූලාදි දශය. (පි. 516)

සාකච්ඡා

ඉ. සාකච්ඡාව, සමගිකථාව, යහපත් කථාව, සංසන්දනය. (පි. 516)

සාකටික

පු. රියදුරා, රථාචාර්‍ය්‍යයා. (පි. 516)

සාකටිකකුල

න. රථකාර කුලය. (පි. 516)

සාකල්‍ය

න. මොලොක් වචනයෙන් සතුටු කිරීම. (පි. 516)

සාකවත්ථු

පු. එළවලු ගොවිතැන් කිරීමේ ඉඩම. (පි. 516)

සාක්ඛරප්පභෙද

පු. අක්ෂර විභාග සහිත. (පි. 516)

සාකාර

ති. ලක්ෂණ සහිත, ආකාර සහිත. (පි. 516)

සාකිය

පු. ශාක්‍ය රජහු, ශාක්‍ය වංශිකයන්ට අයිති. (පි. 516)

සාකුණීක

පු. පක්ෂීන් මරා ජීවත්වන්නා. (පි. 516)

සාකුන්තික

පු. සාකුණික, බලනු. (පි. 516)

සාකෙත

න. එනම් නුවර, සාකෙත නගරය. (පි. 516)

සාඛ

√ භු. වියත්තියං, ව්‍යාප්තියෙහි, සාඛති, පැතිරෙයි. (පි. 516)

සාඛල්ල

න. යහළුකම, මිත්‍ර‍ භාවය. (පි. 516)

සාඛල්‍ය

න. යහළුකම, මිත්‍ර‍ භාවය. (පි. 516)

සාඛා

ඉ. ශාඛාව, අත්ත. (පි. 516)

සාඛානගර

න. අතුනගර, කුඩා නගරය. (පි. 516)

සාඛාමිග

පු. සාඛා මෘගයා, වඳුරා. (පි. 516)

සාඛී

ඉ. වෘක්ෂය. (පි. 516)

සාගත

ති. යහපත් පැමිණීම, සුභ ප්‍රාත්‍ර්‍තනය. (පි. 516)

සාගර

පු. සාගරය, සමුද්‍ර‍ය, මහ සයුර. (පි. 516)

සාගල

න. එනම් නුවර, සාගල පුරය. (පි. 516)