සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 914

සාමීචිපටිපන්න

ති. මනාවපිළිපන්, යහපත්ව පිළිපන්.
පු. මනාවපිළිපන්, යහපත් මගට බටු. (පි. 519)

සාමීප්‍ය

පු. සමීපත්වය, සමීපභාවය. (පි. 519)

සාමුක්කංසික

ති. තමා උසස්කොට පවත්නා, තමා අයත් “සාමුක්කංසික ධම්මදෙසනා” (පි. 519)

සාමුද්ද

න. මුහුදු ලුණු, මුහුදට අයිති. (පි. 519)

සාමුද්දික

ති. මුහුදු යන, සමුද්‍ර‍ යාත්‍රික. (පි. 519)

සාමෙති

ක්‍රි. (√ භු. සමු, උපසමෙ, සංසිඳීමෙහි +ණෙ+ති) සංසිඳෙයි. (පි. 519)

සාය

පු. සවස, හැන්දෑවරුව.
√ භු. සාදනෙ, ලෙවීමෙහි, සායති, ලෙවකයි. (පි. 519)

සායං

අ. සවස්කාලය, සවස. (පි. 519)

සායක

පු. කරඬුව, ශරීරය. (පි. 519)

සායණ්හ

න. සවස, සැන්දෑව, සවස්කාලය. (පි. 519)

සායණ්හසමය

පු. සවස්කාලය, හවස් කාලය. (පි. 519)

සායත

න. රසවිඳීම, රසානුභවය. (පි. 519)

සායති

ක්‍රි. (√ භු. සාය, සදනෙ, රස බැලීමෙහි +ති) ලෙවකයි. (පි. 519)

සායි

න. දිගාවීම, සයනය කිරීම. (පි. 519)

සායික

න. නිදීම, විවේක ගැනීම. (පි. 519)

සායිත

ති. දිවින් රසවිඳිනා ලද. (පි. 519)

සාර

√ චු. දුබ්බල්‍යෙ, දුර්‍වලබැව්හි, සාරෙති සාරයති, දුර්‍වලකරයි.
පු. ශක්තිය, ස්ථිරාවයව, හරය, අහස. අරටුව.
ති. උත්තම, ශ්‍රේෂ්ඨ. (පි. 519)

සාර මෙය

පු. බල්ලා. (පි. 519)

සාරගන්ධ

පු. සඳුන් දේවදාරු ආදී හරයෙන් සුවඳ හමන දේ. (පි. 519)

සාරගබ්භ

පු. සාරගර්‍භය, සාරවස්තු ගබඩාව. (පි. 519)

සාරඞ්ග

පු. සියොතා, පක්ෂියා, මෘගයා. (පි. 519)

සාරජ්ජති

ක්‍රි. (√ දි. රන්ජ, රාගෙ, පාට කිරීමෙහි +ති) ඇලෙයි, ආලේපකරයි. (පි. 519)

සාරජ්ජන

න. ඇලීම, ආලය කිරීම. (පි. 519)

සාරණ

න. සිහිකිරීම, කල්පනා කිරීම.
න. යෑම, ගමන් කිරීම. (පි. 519)