සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 913

සාමත්ථිය

න. ශක්තිය, බලය. (පි. 518)

සාමන්ත

ති. සමීපය, ළඟ, එකපැත්ත, හාත්පස. (පි. 518)

සාමන්තජප්පන

න. සමීපකොට කථාකිරීම, ලංකොට දෙඩීම. (පි. 518)

සාමයික

ති. තමාඅයත්, තමාපිළිබඳ. (පි. 518)

සාමල

පු. කලුපැහැය. (පි. 518)

සාමලතා

ඉ. එනම් වැල් වර්‍ගයක්. (පි. 518)

සාම්‍ය

න. සාම්‍යගුණය, සමගුණය. (පි. 519)

සාම්‍යවත්ථා

ඉ. සත්ව රජස් තමස් යන ගුණයන්ගේ ඌනාතිරික්ත රහිතාවස්ථාව. (පි. 519)

සාමා

ඉ. පුවඟු, ත්‍ර‍ස්තවාලු, ඉරමුසු. (පි. 518)

සාමාක

පු. ඌරුහැල්. (පි. 518)

සාමාජික

පු. සභාවෙහි නියුක්තයා, සාමාජිකයා, සභිකයා. (පි. 518)

සාමාධික

න. සිත එකඟ කිරීමෙහි නියුක්ත වීම. (පි. 518)

සාමායික

ති. මිත්‍රලෙස, එකඟලෙස, සුදුසු සෘතුවට ඇතිවන, තාවකාලික. (පි. 518)

සාමි

පු. ස්වාමියා, අධිපතියා, වල්ලභයා. (පි. 518)

සාමික

පු. ස්වාමිපුරුෂයා, වල්ලභයා. (පි. 518)

සාමිනී

ඉ. ස්වාමිදුව. (පි. 518)

සාමිභගිනි

ඉ. ස්වාමිපුරුෂයාගේ සහෝදරී, නෑනා. (පි. 519)

සාමිය

පු. ස්වාමිපුරුෂයා, හිමියා. (පි. 518)

සාමිස

ති. ආහාර, මස් සහිත, මද සහිත.
පු. ආමිස සහිත, ආමිස බලනු. (පි. 518)

සාමිහාතා

පු. ස්වාමියාගේ සහෝදරයා, මස්සිනා. (පි. 519)

සාමී

පු. ඉසුරු ඇත්තා. (පි. 519)

සාමීචි

ති. යහපත්, සුදුසු. (පි. 519)

සාමීචිකම්ම

න. සුදුසුදේකීම, සුවදුක් පිළිබඳ කථාව. (පි. 519)

සාමීචිපටිපදා

ඉ. යහපත් ප්‍ර‍තිපදාව, මනා පිළිපැදීම. (පි. 519)