සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 928
සීහකුණ්ඩල
න. වටිනා කර්ණාභරණයක්. (පි. 526)
සීහචම්ම
න. සිංහහම. (පි. 526)
සීහතෙල
න. සිංහතෙල්. (පි. 526)
සීහනාද
න. සිංහස්වරය, අභීතනාදය, නිර්භය නාදය. (පි. 526)
සීහපඤ්ජර
න. මහාවාත පානය, කවුළුදොර ජනෙලය. (පි. 526)
සීහපතාක
න. සිංහකොඩිය. (පි. 526)
සීහප්පපාක
පු. එනම් විල. (පි. 526)
සීහපුච්ඡ
ඉ. සිංහවාලධිය, පුස්වැන්න, පොල්පලා. (පි. 526)
සීහපොතක
පු. සිංහපැටියා. (පි. 526)
සීහරථ
පු. සිංහයන් විසින් අදිනු ලබන රථය. (පි. 526)
සීහල
පු. සිංහලය, සිංහලද්විපය, ලක්දිව. (පි. 526)
සීහලක
ති. සිහලට අයත්. (පි. 526)
සීහලකුද්දාල
න. සිංහල උදැල්ල. (පි. 526)
සීහලදීප
න. ලක්දිව, තාම්බුපර්ණණිය. (පි. 526)
සීහලභාසා
ඉ. හෙළ දිව්බස, සිංහල බස. (පි. 526)
සීහවික්කීළිත
පු. සිංහවික්රීඩිත. (පි. 526)
සීහස්සර
පු. සිංහස්වරය. (පි. 526)
සීහසෙය්යා
ඉ. සිංහයාගේ සයනය, සිංහයාගේ සයනය වැනි සයනය, දකුණුපයපිට වංපය තබා දකුණු අතපිට හිසතබා දකුණු ඇලයෙන් සයනය කිරීම. (පි. 526)
සීහාසන
න. සිංහාසනය, රාජාසනය. (පි. 526)
සීහුණ්ඩ
පු. උක්ගස. (පි. 526)
සීළ
√ චු. කම්පනෙ, චලනයෙහි, සෙළෙති, සෙළයති, සැළෙයි. (පි. 526)
සු
√ භු. සන්දනෙ, වහනය වීමෙහි, සවති, වහනය වෙයි, වැගිරෙයි.
√ භු. පසවෙ, ප්රශවයෙහි, සවති, පසවති, ප්රසූත කරයි.
√ භු. ගබ්භපරිපාකෙ, ගැබ්මිහිකිරීමෙහි, සූති, ගැබ් මුහු කරයි.
√ භු. චුණ්ණෙ, සුණුකිරීමෙහි, සූති සුණු කරයි.
√ දි. පසවෙ, ප්රශවයෙහි, සූයති, පසූයති, ප්රසූත කරයි.
√ සු. සවණෙ, ශ්රවණයෙහි, සුණෙති සුණාති අසයි.
√ සු. පීඩා බන්ධන සිනානෙසු, පෙළීම බන්ධනය ස්නාන යන මෙහි, සුණෙති.
√ සු. පගබ්භෙ, බුහුටි බැව්හි, සුණෙති, බුහුටි වෙයි.
√ කි. පීඩායං, පෙළීමෙහි, සුනාති, පෙළයි.
අ. සොභන, සැප, අවිපරීතාර්ත්ථ, සුභාර්ත්ථ, සුන්දරාර්ත්ථ, සමාධිය යන මෙහි.
√ භු. ගමනෙ, යාමෙහි සවති, යෙයි. (පි. 526)
සුංක
න. සුංකම්, අයබදු. (පි. 532)
සුංසුමාර
පු. කිඹුලා. (පි. 526)