සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 929

සුංසුමාරගිර

න. එනම් රට. (පි. 526)

සුක

පු. ගිරවා.
√ භු. ගමනෙ, ගමනයෙහි, සොකති. යෙයි. (පි. 526)

සුකට

න. මනාකොටකළ කර්‍මය, සුතෘත, සුකත. (පි. 526)

සුකත

න. මනාව කළ කර්‍මය, කුශල කර්‍මය, සුකට. (පි. 526)

සුකති

ති. කෘතපුණ්‍යයා, කළපින් ඇත්තා. (පි. 526)

සුකන්ද

පු. රතුලූණු. (පි. 526)

සුකර

පු. සුවසේ කටයුතු, පහසු, ලේසි. (පි. 526)

සුක්ක

ති. සුදු, නිමල්, සිකුරා.
න. පුණ්‍ය, ශුක්ල, ශූක්‍ර (පි. 526)

සුක්කකාක

පු. සුදු කවුඩා, කොකා. (පි. 527)

සුක්කධම්ම

පු. නිර්‍මල ධර්‍මය, කුශල ධර්‍මය. (පි. 527)

සුක්කපක්ඛ

පු. ශුක්ල පක්ෂය, හඳමෝරණ පක්ෂය. (පි. 527)

සුක්කසිස්ස

පු. අසුරයා. (පි. 527)

සුක්ඛ

√ භු. අනාදරෙ, අනාදරයෙහි, සුක්ඛති, අනාදර කරයි.
ති. වියලුනු, වේලුනු. (පි. 527)

සුක්ඛන

න. පලවා හැරීම. පදවා හැරීම. (පි. 527)

සුකිත්තීත

ති. මනාකොට කීර්‍තතණය කළ, මොනවට කියන ලද. (පි. 526)

සුකුමාර

ති. සිව්මැලි, මොලොක්දෙය, සුවසේ වැඩුනු. (පි. 526)

සුකුසල

න. ඉතාදක්ෂ, අතිසමර්ථ. (පි. 526)

සුඛ

√ භු. සුඛෙ, සැපකිරීමෙහි, සුඛති සුඛෙති සුඛයති සුඛාපෙති, සැප ඇති කරයි.
√ චු. සැපකිරීමෙහි, සුඛෙති සුඛයති. සැප කරයි.
ති. සැපය, පිණවීම. (පි. 527)

සුඛකාම

ති. සැප කැමති, සුව කැමැති. (පි. 527)

සුඛල්ලිකානුයොග

න. සැපවත් ජීවිතයක් ගතකිරීම. (පි. 527)

සුඛවාහී

පු. සුවයෙන් උසුලන අශ්වයා. (පි. 527)

සුඛවිහාර

න. සැප විහරණය. (පි. 527)

සුඛායති

ක්‍රි. (√ භු. සුඛ, තං ක්‍රියායං, සුඛ වෙදනාවෙහි +ති) ප්‍රීතිවෙයි, සැප විඳියි. (පි. 527)

සුඛිත

ති. සුවපත්වන ලද. (පි. 527)