සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 930

සුඛී

පු. සුව ඇත්තා. (පි. 527)

සුඛුද්ද

පු. සුඛුද්‍ර‍ය, සුව උපදවන. (පි. 527)

සුඛුම

ති. සූක්ෂම, සියුම්දෙය, අල්පාර්ථයෙහි. (පි. 527)

සුඛුමාල

පු. සුකුමාර, සිව්මැලි, සුවසේ වැඩුනු. (පි. 527)

සුඛෙත්ත

න. මනාක්ෂෙත්‍ර‍ය, හොඳ කුඹුර. (පි. 527)

සුඛෙති

ක්‍රි. (√ භු. සුඛ තංක්‍රියායං, සුඛවෙදනාවෙහි +ණෙ+ති) සැප එළවයි. (පි. 527)

සුඛෙධිත

ති. සුවසේ වැඩුනු. (පි. 527)

සුගත

පු. යහපත් ගමන් ඇත්තා, බුදුරජ. (පි. 527)

සුගතවිනය

න. සුගතයන් වහන්සේගේ විනය ධර්‍මය. (පි. 527)

සුගති

ඉ. මනාගතිය, ස්වර්ගතිය. (පි. 527)

සුගන්ධ

පු. මනාගඳ, සුවඳ. (පි. 527)

සුගන්ධි

පු. සුවඳ ඇති, සුගන්ධවත්. (පි. 527)

සුගහණ

න. මනාග්‍ර‍හණය. (පි. 527)

සුග්ගත

පු. සම්‍යග්ගත, මනාව පැමිණෙන ලද. (පි. 527)

සුග්ගති

ඉ. සුගතිය. (පි. 527)

සුග්ගහිත

පු. මනාකොට ගන්නා ලද, මනාව ගන්නා ලද. (පි. 527)

සුඝර

ති. හොඳ නිවසක් ඇති, යහපත් ගෙයක් ඇති. (පි. 527)

සුඞ්ක

න. සුංකම, බදු අයකිරීම. (පි. 527)

සුඞ්කගහණ

න. සුංකම් ගැනීම, බදු ගැනීම. (පි. 527)

සුඞ්කඝාත

පු. සුංකම් නැසීම, රේන්ද මුදල් නොදීම. (පි. 527)

සුඞ්කඝාතට්ඨාන

න. සුංකම් අය කරන තැන. (පි. 527)

සුඞ්කික

පු. අයබදු අය කරන්නා. රේගු නිලධාරියා. (පි. 527)

සුඞ්කිය

න. බිරිඳට වැටුප් ගෙවීම. (පි. 527)

සුච

√ චු. පිසුණෙ, කේලාම් කීමෙහි.
√ භු. සොකෙ, සොක කිරීමෙහි, සොචති, සොක කරයි. (පි. 533)