සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 937

සුභ ධාතු

ඉ. ශොභාව පිළිබඳ ද්‍ර‍ව්‍ය මූලය. (පි. 530)

සුභකිණ්ණ(ණ්හ)

එනම් බඹලොව. (පි. 530)

සුභග

ති. ප්‍රිය දෙය, එනම් උයන, වාසනාවත්. (පි. 530)

සුභගකරණ

න. ප්‍රීතිමත් කිරීම, ආදරය කරන. (පි. 530)

සුභනිමිත්ත

න. සුභාරම්මණය. යහපත් අරමුණ. (පි. 530)

සුභසඤ්ඤා

ඉ. සුභසංඥාව. (පි. 530)

සුභාමිත

ති. මනාකොට මඩනා ලද, මොනවට භාවිතා කළ. (පි. 530)

සුභාසිත

ති. මනාකොට කියන ලද, මනාකොට වදාළ වචනය. (පි. 530)

සුමති

ඉ. යහපත් ප්‍රාඥයා, මනාමැටි. (පි. 530)

සුමන

න. සතුටු සිත් ඇත්තා, දෙවියා. (පි. 530)

සුමනා

ඉ. දෑසමන්. (පි. 530)

සුමරති

ක්‍රි. (√ භු. සර, චින්තායං, සිහි කිරීමෙහි +ති) සරති, සිහිකරයි. (පි. 530)

සුම්භ

√ භු. දිත්තියං, බැබලීමෙහි, සුම්භති, බබලයි, හිංසා කරයි. (පි. 530)

සුම්භති

ක්‍රි. (√ භු. සුම්භ, දිත්තියං, බැබලීමෙහි +ති) බබලයි, හිංසා කරයි. (පි. 530)

සුම්භන

න. බැබලීම, හිංසාව. (පි. 530)

සුම්භිත

ති. බබලන ලද (පි. 530)

සුමෙධ

පු. ප්‍රාඥ, මනා ප්‍ර‍ඥා ඇත්තා, එනම් ඇත්තා. (පි. 530)

සුමෙරු

පු. මහමෙර, මෙරුපර්‍වතය. (පි. 530)

සුයිට්ඨ

ති. මනාකොට පුදනලද. (පි. 531)

සුර

පු. දෙවියා.
√ භු. යසෙ, ඔභාසෙච, ඓශ්චර්‍ය්‍යයෙහි, බැබලීමෙහි සුරති, ඉසුරු ඇතිවෙයි, බබලයි. (පි. 531)

සුරජෙට්ඨ

පු. සුරජ්‍යෙෂ්ඨ, බ්‍ර‍හ්මයා. (පි. 531)

සුරත

ති. මනාව ඇලෙනලද, මෙවුම්දම. (පි. 531)

සුරදිය

න. අසුරයා. (පි. 531)

සුරදීඝිකා

ඉ. අහස්ගඟ, සුරගඟ. (පි. 531)