සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1006
පරිමේය
1. වි. ප්රමාණ කළ හැකි ; මිනිය හැකි ; සම්මත මිනුමකින් - මැන ගත හැකි.
2. (පාරිභා.) මූල ලකුණු භාවිත නොකොට ප්රකාශ කළ හැකි ; ප්රකෘති සංඛ්යාවලට එකඟ.
පරිමේය සංඛ්යා
(පාරිභා.) නා.ප්ර. අගය නිශ්චිත ව දැන ගත හැකි සංඛ්යා.
පරිමේය සමීකරණය
(පාරිභා.) නා. අංශ දෙකේ ම අගය නිශ්චිත ව ගණනය කළ හැකි සමීකරණය.
පරියන්ත
නා.ප්ර. කෙළවර ; සීමාව ; අවසානය.
පරියා
නා.ප්ර. සමාන තේරුම් දෙන පද ; සමාන අර්ථය ගෙන දෙන වචන ; පර්යාය වචන.
පරිරෝදනය
නා. හැඬීම වැලපීම.
පරිරෝධ
වි. බාධා කරන ; අවහිර කරන ; වළකන ; පසුබස්වන.
පරිලිප්ත
වි. හැම අතින් තැවරුණු ; මුළුමනින් ගෑවුණු.
පරිලෝකනය
(පාරිභා.) නා. හාත්පස බැලීම ; සියල්ල ම විමැසීම ; සියුම් ලෙස බැලීම.
පරිවරණ
වි. දාරය වටා පිහිටි ; පර්යන්ත.
පරිවරණක
(පාරිභා.) වි. වළක්වන ; අවුරන.
පරිවරණය
නා. (පාරිභා.) 1. සන්නයනයෙන් තාපය හෝ විදුලිය හෝ ගමන් කිරීම වැළකීම
2. වළක්වාලීම සඳහා හෝ ආරක්ෂාව සඳහා හෝ දමන ආවරණය.
4. පිටතින් ඇති වැස්ම ; සෛල එකිනෙකින් වෙන් කරන ආවරණය.
පරිවර්තක
1. වි. පෙරළන ; හරවන.
2. එක් බසකින් ලියූ හෝ කියූ දෙයක් තවත් බසකට හරවන.
පරිවර්තකයා
නා. එක් බසකින් ලියූ නොහොත් කියූ දෙයක් වෙනත් බසකට හරවන්නා.
පරිවර්තනය
1. නා. කරකැවීම ; පෙරළීම; කැරකීම; භ්රමණය
2. විපර්යාසය ; වෙනස්වීම.
3. (භාණ්ඩ ආදි) හුවමාරුව ; මාරු කිරීම.
4. එක් බසකින් ලියූ නොහොත් කියූ දැයක් තවත් බසකට හැරවීම.
5. එසේ හරවන ලද්ද.
පරිවර්තී ගෝලය
(පාරිභා.) නා. මුහුදු මට්ටමේ සිට උස වැඩි වත් ම, උෂ්ණත්වය අඩුවන ලක්ෂණය පවතින වායුගෝලයේ පහළ ම කොටස.
පරිවහණ
වි. ඔබ මොබ ගෙන යන ; පටවාගෙන යන ; හැරගෙන යන ; ප්රවාහනය කරන.
පරිවහණය
නා. බඩු හෝ මගීන් හෝ ඔබමොබ ගෙන යාම ; ප්රවාහනය.
පරිවාදය
නා. අවලාදය ; දෝෂාරෝපණය ; තදින් දොස් තැබීම.
පරිවාර
1. වි. ඇසුරු කරන ; සමීපයෙහි හැසිරෙන ; පිරිවර වූ ; වටා උදවුවට සිටින.
2. හාත්පස පිහිටි ; වටේට ඇති.
නා.ප්ර. රැකවරණයට සිටින හෝ මෙහෙවර කරන පිරිස ; පිරිවර ; ඇසුරු කරන උදවුවට සිටින පිරිස.
පරිවාරක
වි. උදව් වන පිරිස් ඇති ; මෙහෙකාර ; පිරිවරා ගන්න.
පරිවාරකය
(පාරිභා.) නා. විදුලිය හෝ තාපය හෝ ශබ්දය හෝ සන්නායනය නොකරන ද්රව්යයක්.
පරිවාසය
1. නා. බාලාපරාධකරුවකු පරිවාස නිලධාරියකුගේ පරීක්ෂාව යටතේ යහපත් හැසිරීමෙන් යුතු ව කල්ගත කිරීමෙන් පසු මුදා හැරීමේ පිළිවෙත.
2. යම් නිලධාරියකුගේ සේවය ස්ථිර කිරීමට ප්රථම, ඔහුගේ හැසිරීම සහ කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීම.
පරිවාසිත
වි. සුවඳ කැවූ ; සුගන්ධවත් කළ ; සුවඳ මුසු වූ.