සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1118
පෘථුලාර්ථය
පෘෂ්ඨ ආමානය
(පාරිභා.) නා. පිට තලය මනින උපකරණයක්.
පෘෂ්ඨ රජ්ජුව
නා. පෘෂ්ඨවංශීන්ගේ ප්රධාන ස්නායු පද්ධතියටත්, බඩවැලටත් අතර දික් අතට විහිදී දැඩි කොපුවකින් වටවුණු කංකාලමය දණ්ඩ හෝ කූර ; කොඳු ඇට නූල.
පෘෂ්ඨ ලග්න
(පාරිභා.) වි. පරාග ධානියක පිට පැත්ත මුළුමනින් සූත්රිකාවට ඇලී ඇති.
පෘෂ්ඨකණ්ටක
1. නා.ප්ර. පිටට අයත් කොටසේ කශේරුකාව.
2. යම් යම් දේ එල්ලා තැබීම සඳහා බිත්තියේ ගසන ඇණය ; සැපිණි ඇණය.
පෘෂ්ඨකය
(පාරිභා.) නා. කෘමීන්ගේ පිටිතලය.
පෘෂ්ඨකර්ෂණය
(පාරිභා.) නා. ද්රවයක් මතුපිට ක්රියාකාරිවන බලය ; පෘෂ්ඨි ආතතිය ; පෘෂ්ඨතන්යතාව.
පෘෂ්ඨජලය
නා. පොළොවේ මතුපිට රඳා ඇති ජලය.
පෘෂ්ඨබීජධාරි
වි. පිට පැත්තෙහි බීජ දරන.
පෘෂ්ඨභූමිය
නා. පොළොවේ මතුපිට ඇති පස් තට්ටුව.
පෘෂ්ඨය
1. නා. ශරීරයේ පසු පැත්ත හෝ උඩු පැත්ත ; පිට.
2. යමක බාහිර සීමාව ; මතුපිට ; තලය ; මස්තකය.
3. බාහිර ඝන තට්ටුව ; පිටඝන කටුව.
4. මොල්ලිය ; පොදිය ; නෙරාගිය කොටස.
පෘෂ්ඨවංශ රජ්ජුව
නා. කශේරුකාව මැදින් විහිදී ඇති මහා ස්නායුව ; කශේරුකා රජ්ජුව ; සුෂුම්නාව.
පෘෂ්ඨවංශය
නා. පිටකොන්ද ; කොඳුඇට පෙළ ; කශේරුව ; කණ්ටකය.
පෘෂ්ඨවංශාස්ථිය
නා. කොඳු ඇටය ; පිට කොන්දට අයත් ඇට දොළොස.
පෘෂ්ඨවංශියා
නා. කොඳු ඇට පෙළ ඇති සතා ; කශේරුව සහිත සත්වයා.
පෘෂ්ඨික ආතතිය
(පාරිභා.) නා. මතුපිට තලයේ පවත්නා අදින බලය ; ද්රවයක් මතුපිට ක්රියාකාරි වන බලය.
පෘෂ්ඨී
නා.ප්ර. පිට ; පෘෂ්ඨය.
පෘෂ්ඨීය
නා. සිරුරේ පිට ; ශරීරයේ පිට පැත්ත ; පෘෂ්ඨය.
පෘෂ්ඨීය කශේරුකාව
නා. පිට කොන්දේ හෙවත් කොඳු ඇට පෙළේ පිටට අයත් කොටස.
පෘෂ්ඨීය ජලවහන
නා.ප්ර. ගංගාවක මුල් මාර්ගවල රැඳී පවත්නා ජලය ; ආගන්තුක වශයෙන් ගංගාවක ඇති ජලය.
පෘෂ්ඨීය මූලය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ සංවේදන තන්තු ඇතුළත් ස්නායු මූලය.
පෘෂ්ඨීය යෝජිනිය
(පාරිභා.) නා. කපාලිකයන්ගේ මොළයේ දෙපැත්තේ කේතු දේහයට ඉදිරියෙන් ඇති තන්තු පථය.
පෘෂ්ඨීය රජ්ජුව
(පාරිභා.) කොඳු ඇට නූල ; කශේරුකා රජ්ජුව.
පෘෂ්ඨීය වරල්
නා. පිට කොන්දේ මතුපිට පිහිටි වරල්.