සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1119
පෘෂ්ඨීය ශෘංගය
(පාරිභා.) නා. පෘෂ්ඨවංශී සත්ත්වයන්ගේ සුෂුම්නාවේ පිට පැත්තට නෙරා ආ අඟක් බඳු අවයවය.
පෘෂ්ඨෝදර
[පෘෂ්ඨ + උදර]
වි. (උද්භි.) පෘෂ්ඨීය උදරිය පැතිවල ව්යූහමය වෙනස්කම් ඇති ශාක අවයවයක් පිළිබඳ වූ.
පෘෂ්ඨෝදරීය පත්රය
නා. උඩු හා යටි වශයෙන් පෘෂ්ඨ (තල) දෙකකට වෙන් කළ හැකි කොළය.
පෙකණිය
නා. ක්ෂීරපායි සත්වයන්ගේ උදරය මැද පෙකණි වැල සම්බන්ධව තිබූ ස්ථානයෙහි පිහිටි වළ ගැසුණු තැන ; නාභිය ; නැබ ; බුරිය.
පෙකණිවැල
නා. ක්ෂීරපායී සත්ත්වයන්ට කුසයේ දී කලල සබඳතා පැවැත්වීමට උපකාර වන උදර මධ්යයේ පිහිටි වාහිනීමය රැහැන ; නැබ රැහැන ; නාභි රජ්ජුව.
පෙකණී ආශයිකාව
නා. ක්ෂීරපායීන්ගේ බ්ලාස්ට කෝෂ්ඨයේ පහළ කොටසින් විකසනය වන භ්රෑණ පටලයේ ඇති නාභි කුහරය ; බීජාන්ත මඩිය.
පෙක්ටික් අම්ලය
(පාරිභා.) නා. පෙක්ටික් ජල විච්ඡේදනයෙන් ලැබෙන අද්රාව්ය ද්රව්යයක්.
පෙක්ටිනිබ්රන්මියාටා
නා.ප්ර. (සත්ව.) කවඩි, හක් ආදි ගණයට අයත් සත්ත්ව ගෝත්රයක්.
පෙට්ටගම
නා. කකුල් හතරකින් යුත් (විසිතුරු කැටයමින් ඔප වූ) යතුරු ලා වැසිය හැකි වටිනා බඩු මුට්ටු දැමීමට යොදාගන්නා හෝ ලෝහාදියෙන් සාදන තරමක් විශාල පෙට්ටි විශේෂයක්.
පෙට්ටිකාව
නා. කුඩා පෙට්ටිය ; පැස ; පේළාව.
පෙට්ටිය
නා. යමක් සුරක්ෂිතව තබා ගැනීම සඳහා පියනක් සහිත ව ලී, කාඩ්බෝඩ්, ලෝහ ආදියෙන් විවිධ හැඩයට තැනූ භාණ්ඩය ; මඤ්ජුසාව.
පෙට්රල් තාපකය
(පාරිභා.) නා. පෙට්රල් රත්කරන උපකරණය.
පෙට්රිදීසිය
(පාරිභා.) නා. බැක්ටීරියා වගාව සඳහා උපයෝගී කරගන්නා පියනක් සහිත කුඩා වීදුරු භාජනය.
පෙඩරල්
වි. සම්මත නීතියකින් ඒකාබද්ධ වී තනි රටක් බවට පත් වුණු දේශ හෝ පළාත් හෝ කීපයක් පිළිබඳ.
පෙඩරල් ආණ්ඩුක්රමය
නා. අභ්යන්තර පරිපාලන කාර්ය සම්බන්ධයෙන් ස්වාධීන වූ ප්රදේශ හෝ රාජ්ය හෝ කීපයක් ඒකාබද්ධ වී තනි රාජ්යයක් හැටියට සමූහාණ්ඩු ක්රමයකට අනුව සකස් කරගත් පාලන තන්ත්රය.
පෙණ
1. නා.ප්ර. ජලය හෝ වෙනත් ද්රව වර්ගයක් කැලඹීමෙන් හෝ කැකෑරීමෙන් හෝ පැසවීමෙන් ඒ මත සෑදෙන ඉතා කුඩා බුබුළු සහිත කොටස.
2. ඇතැම් සතුන්ගේ අවයවවලින් නිකුත් කෙරෙන කුඩා බුබුළු සහිත උකු ස්රාවය.
3. වතුරෙහි සබන් දිය කිරීමෙන් නඟින බුබුළු.
4. ද්රවයක සිදුවන වායු අවලම්බනය.
පෙණ බුබුළ
නා.ප්ර. පෙණවල ඇති වන ගෝලාකාර බුබුළ.
පෙණගබ
1. නා. නයාගේ හිසත් ගෙලත් අතර පුප්පා ගැනීමේ හා හකුළා ගැනීමේ ශක්තිය ඇතිව පිහිටා ඇති කොටස ; පෙණ මඩුල්ල ; පෙණය.
2. අත්ල ; අල්ල.
පෙණපිඬ
නා.ප්ර. එක් රැස් වූ පෙණ රාශිය ; පෙණ කැටිය.
පෙණය
නා. නයාගේ (පිම්බීමටත් හැකිළීමටත් හැකි) හිසටත් බෙල්ලටත් අතර කොටස.
පෙණහල්ල
නා.ප්ර. හුස්ම ගැනීම සඳහා මනුෂ්ය ශරීරයෙහි උරකුහරයෙහි පිහිටා ඇති ජීවිතාරක්ෂක ඉන්ද්රිය සමූහයෙන් එකක්.
පෙණහලු අභිපාතය
(පාරිභා.) නා. පෙණහලුවල ඇකිළීම හෙවත් සංකෝචනය වීම.
පෙණහලු නාඩිය
නා. හදවතේ සිට පෙණහල්ලට ලේ ගෙන යන නාලය.
පෙණහැලි පැතැල්ලා
(පාරිභා.) නා. (සත්ව.) පෙණහැල්ලට හානි කරන ට්රෙමටෝඩා වර්ගයට අයත් පණුවෙක්.