සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1117

පූර්වෝදිත

වි. කලින් කී ; පළමු ප්‍රකාශ කළ.

පූර්වෝපාය

[පූර්ව + උපාය]
නා.ප්‍ර. කලින් යොදා ගන්නා උපක්‍රමය.

පූරුව

1. වි. පෙර ; පෙර කාලයේ දී වූ හෝ කළ ; ගත වී ගිය ; ගෙවුණ ; ඉකුත් වූ.

පූව

නා.ප්‍ර. පිටි ආදියෙන් තනා තෙලෙන් බැද ගන්නා කැවිලි විශේෂයක්.

පූසාරියා

1. නා. සිංහල රජ සමයෙහි දේවාලවල ආවතේව කරන්නන් සම්බන්ධයෙන් පැවැති උසස් තනතුරක්.
2. (කථා.) හින්දු දේවාල සහ කෝවිල්වල ආවතේව කරන ප්‍රධාන කපුරාල.

පෘතුගීසි

නා.ප්‍ර. පෘතුගාලයේ වැසියෝ හා ඔවුන්ගේ භාෂාව.

පෘථක්කරණය

1. නා. (කොටස්වලට) වෙන් කිරීම.
2. (පාරිභා.) විනාශ වීම ; කුණු වීම ; දිරාපත් වීම ; වියෝජනය.

පෘථග්ජනයා

නා. මාර්ගඵල අවබෝධ නොකළ පුහුදුන් පුද්ගලයා ; සාමාන්‍ය පුද්ගලයා.

පෘථග්පක්වතාව

නා. (උද්භි.) ද්විලිංගික මල්වල ජායාංග සහ පුමාංගය එකිනෙකට ප්‍රමාද ව මේරීම.

පෘථිව්‍යුත්පත්තිය

[පෘථිවි + උත්පත්තිය]
නා. පොළොවේ හටගැනීම ; පොළෝ තලයේ උපත.

පෘථිවි අක්ෂය

(පාරිභා.) නා. පෘථිවියේ භ්‍රමණයට කේන්ද්‍රවන කල්පිත රේඛාව.

පෘථිවි ආනතිය

(පාරිභා.) නා. (භූගෝ.) පොළොවේ ඇලබව; පෘථිවියේ (අක්ෂය – තිරස් රේඛාවට ලම්බක නොවී) පැත්තකට නැමුණුබව.

පෘථිවි පරිභ්‍රමණය

නා. පෘථිවිය නියමිත කක්ෂයක සූර්යයා වටේ ගමන් කිරීම.

පෘථිවි පරිවර්තනය

නා. පෘථිවිය පැය විසිහතරකට වරක් බටහිර සිට නැගෙනහිර බලා තම අක්ෂය වටේ කැරකැවීම.

පෘථිවිගර්භ ශාස්ත්‍රය

නා. පෘථිවි පෘෂ්ඨය ගවේෂණය කිරීමේ විද්‍යාව ; භූවිද්‍යාව.

පෘථිවිගර්භය

නා. පොළොවේ ඇතුළ ; පෘථිවිය අභ්‍යන්තරය.

පෘථිවිගෝලය

නා. ගෝලයක් වශයෙන් සැලකෙන පොළොව; භූගෝලය.

පෘථිවිජ

වි. පොළොවෙන් හටගත්.

පෘථිවිතලය

1. නා. පොළොව මතුපිට ; පෘථිවි පෘෂ්ඨය.
2. පෘථිවිය ; පොළොව.

පෘථිවිපාලයා

නා. රජ ; මිහිපල්.

පෘථිවිමණ්ඩලය

1. නා. (ගෝලාකාර) පෘථිවිය ; පොළෝමඩුල්ල ; භූඛණ්ඩය.
2. (භූගෝ.) මුළු මහ පොළොව බෙදා ඇති ශිලා, වායු, ජල යන ස්වාභාවික මණ්ඩල තුන.

පෘථිවිමධ්‍යය

(පාරිභා.) නා. පොළොවේ පෘථිවි කේන්ද්‍රය.

පෘථිවිය

නා. මහ පොළොව.

පෘථුල

වි. පැතුරුණු ; පළල් ; විශාල ; ව්‍යාප්ත.