සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1172
බෝවා
වි. බොහෝ අවුරුදු ඇති ; අවුරුදු බොහෝ ගණනක් වූ.
බෝවෙන රෝග
(පාරිභා.) නා.ප්ර. එක් රෝගියකුගෙන් තවත් කෙනකූට සංක්රමණය වී පැතිරෙන රෝග ; වසංගත රෝග.
බෞද්ධ
1. වි. බුදුන් වහන්සේ අදහන ; බුදුන් සරණගිය.
2. බුදුන් වහන්සේට බුද්ධාගමට සම්බන්ධ.
බෞද්ධයා
නා. බුදුන් සරණ ගිය තැනැත්තා ; අවබෝධයෙන් තෙරුවන් සරණ ගිය පුද්ගලයා.
බෞද්ධාගම
නා. බෞද්ධයා විසින් අදහනු ලබන ආගම ; බුද්ධාගම.
භංග
වි. බිඳුණු ; වැනසුණු; නැති වූ.
භංගක්ෂණය
නා. සිතක බිඳෙන ඇසිල්ල ; චෛතසිකයක් නැති වන මොහොත ; චිත්තක්ෂණයක් තුළ ඇති කුඩා චිත්තක්ෂණ තුනෙන් තුන්වැන්න.
භංගය
1. නා. විනාශය; නැතිවීම.
2. ඇට බිඳීම ; ඇට කැඩීයාම ; භග්නය.
3. පැල්ම ; විවරය.
4. පරාජය.
5. රළ පතර.
6. රැවටිල්ල.
භංගාවර්තය
නා. දිය සුළිය හෝ රැල්ල කරකැවී බිඳී යන ස්ථානය.
භංගිය
1. නා. ආකාරය විලාසය ; ලීලාව.
2. බිඳී යාම ; කැඩීම ; බිඳීම.
3. රැළ
භංගුර
වි. බිඳෙන සුලු ; විනාශ වී යන ; නැසෙන සුලු.
භංජන
නා.ප්ර. රත්රන් ; කනක ; ස්වර්ණ.
භංජනය
නා. (භෞති.) වෝල්ටීයතාව එක්තරා නිත්ය ප්රමාණයකට වඩා ඉහළ ගිය විට හදිසියේ පරිවාරක ද්රව්යයක් තුළින් විද්යුත් ධාරාවක් ගලන්නට වීම.
භංජය
නා. අවයවයක් ඉරියෑම ; විදාරණය.
භක්ත
වි. බැඳුණු ; ඇලුණු ; භක්තිමත්.
භක්තය
නා. බත ; ආහාරය ; ආහාර වේල.
භක්ත්යාදරය
නා. භක්තිය හා ආදරය ; බැඳීම හා ඇල්ම.
භක්තාග්රය
නා. දාන ශාලාව ; බත්ගෙය ; භෝජනාගාරය.
භක්තානුමෝදනාව
නා. දානය වැළඳීමෙන් පසු කරන පින්දීම ; භුක්තානුමෝදනාව.
භක්ති ප්රණාමය
නා. භක්තිය මුල් කොට කරන වැඳුම.
භක්ති මාර්ගය
නා. භක්තිය නිසා ම පුද පූජා ඇදහිලි විශ්වාසාදිය පැවැත්වීම.
භක්ති වාදය
නා. භක්තියට ප්රමුඛත්වය දෙන ඇදහීම ; භක්තිය මුල් කරගත් විශ්වාසය.
භක්තික
1. වි. භක්තිය ඇති ; ශ්රද්ධා සම්පන්න ; විශ්වාසය ඇති ; ලබ්ධිය ගත්.
2. බත් කන ; ආහාර අනුභව කරන.
භක්තිකයා
නා. කිසියම් ආගමක් කෙරෙහි භක්තිය ඇත්තා ; ශ්රද්ධා සම්පන්නව අදහන්නා ; විශ්වාස කරන්නා.