සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1171
බෝඩරය
නා. යම්කිසිවක සීමාව දිගේ පිහිටි දාරය ; මායිම ; අයින දිගේ පිහිටි තීරය ; වාටිය.
බෝතලය
නා. වටකුරු සිහින් කරක් සහිතව වීදුරු ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යවලින් විවිධ මාදිලියෙන් සාදා ඇති භාජන විශේෂයක්.
බෝදිරිමා
නා. ප්‍රසව වේදනාවෙන් පෙළෙන ගැබිණියකගේ වේදනාත්මක රාවයෙන් හඬතැයි පවසන යකින්නියක්.
බෝධකර
1. නා.ප්‍ර. නිඳා ( සිටින්නවුන් අවදි කරවන්නා ; ප්‍රබෝධ කරවන්නා ; අවබෝධ කරවන්නා.
2. වන්දි භට්ටයා.
බෝධනය
1. නා. දැනගැනීම ; ඉගැන්වීම ; අවබෝධ කරවීම ; පිබිදවීම ; අවබෝධය.
2. සුවඳ ගැන්වීම ; සුගන්ධවත් කිරීම.
බෝධනීය
වි. දත යුතු ; අවබෝධ කළයුතු හෝ කරවිය යුතු ; ඉගැන්විය යුතු ; අවබෝධ කළ හැකි.
බෝධ්ය
වි. තේරුම් ගත යුතු; වටහා ගත යුතු ; අවබෝධ කළ යුතු.
බෝධි ඥානය
නා. චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමෙහි සමත් නුවණ ; ලෝකෝත්තර මාර්ග ඥානය.
බෝධි ද්‍රැමය
නා. සර්වඥතා ඥානය ලබා ගැනීමේදී බුදුන් වහන්සේට ආධාර වූ ඇසතු රුක.
බෝධි පර්යඞ්කය
නා. බුදුබව ලබනු සඳහා මහබෝසතුන් සිරි මහ බෝ මුලෙහි හිඳගත් ඉරියවුව ; බෝ මුල ; විදුරසුන.
බෝධිඝරය
නා. විහාරයක බෝගස ඇතුළු වන සේ ඒ වටා සැදු ගෙය ; බෝ ගෙය.
බෝධිත්‍රය
නා.ප්‍ර. බුදුබව ; පසේබුදුබව හා රහත්බව යන තුන්තරා බෝධිය.
බෝධිපාක්ෂික ධර්මය
නා. බුදුබව ලැබීමට පිහිට වූ ධර්මය ; නිර්වාණාවබෝධයට පක්ෂපාත වූ ධර්මය ; බෝධි පාක්ෂීය ධර්ම ; බෝ පැකි දම් ; බෝසත් දම්.
බෝධිපූජාව
1. නා. සර්වඥයන් වහන්සේ බුදුබව ලත් දෙ වැනි සතියේ දී ඇසිපිය නොහෙළා බෝධිය දෙස බලා සිටීමෙන් කළ පිදීම ; අනිමිසලෝචන පූජාව.
2. ශාන්ති කර්මයක් වශයෙන් බෝධියට පුද පූජා පැවැත්වීම.
බෝධිය
1. නා. චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය.
2. සියල්ල දන්නා නුවණ ; බුදු නුවණ ; සර්වඥතා ඥානය.
3. (අවබෝධ කරනු ලබන) නිර්වාණය.
4. බුදු බව.
5. පසේ බුදු බව ; ප්රත්යෙක බුද්ධත්වය.
6. රහත් බව.
7. ශ්‍රී මහා බෝධිය.
8. බෝධි වෘක්ෂය.
බෝමළුව
නා. බෝගස වටා පිහිටි තැනිතලා බිම ; බෝධිය වටා මිදුල ; බෝ සෙවණ ; බෝධි මාලකය.
බෝම්බය
නා. පිපිරෙන ද්‍රව්‍ය ඇතුළත් කොට සාමාන්‍යයෙන් අණ්ඩාකාර ආවරණයක් ඇති ව සාදනු ලබන විනාශකාරී වෙඩි විශේෂයක්.
බෝයාව
(පාරිභා.) නා. (නැවියන්ට) මුහුදේ නොහොත් වරායක අනතුරු පෙදෙස් ඇඟවීම හා ආරක්ෂාව සැපයීම පිණිස දියෙහි පාවෙන්ට සලසා තබන උපකරණ විශේෂයක් ; ඉපිල් කඳ ; ඉපියාව.
බෝරදම
නා.ප්‍ර. (චිත්‍ර මෝස්තර වැනි දෙයක) වටේ පිහිටි ගැට්ට ; බොරදම.
බෝරැක්ස් කැට
(පාරිභා.) නා.ප්‍ර. ඛනිජවල රසායනික විශ්ලේෂණය සඳහා වන බොරැක්ස් රත් කිරීමෙන් විලීන වූ ස්ඵටික.
බෝරිච්චිය
නා. හැට්ට අත, තොප්පිය ආදියෙහි වාටි පිම්බී සිටින සේ අල්ලන රැලි පටිය.
බෝල
වි. ගෝලයක හැඩය ඇති ; වටකුරු.
1. නා.ප්‍ර. වටකුරු දෙය ; ගෝලය.
2. ඇතුළත වාතය පුරවා රබර්, හම් හා රෙදි ආදියෙන් සාදන ගෝලාකාර ක්‍රීඩා භාණ්ඩය.
බෝල අත්ත
1. නා. අයිතිකරුවකු ඇති බව ඇඟවීම සඳහා ඉඩමක එල්වා තබන අත්ත.
2. කමතක වී එකතු කිරීම සඳහා පාවිච්චි කරන ඉලපතක් වැනි උපකරණය.
බෝල මේසය
නා. බිලියඩ් ක්‍රීඩාව සඳහා පාවිච්චි කරන මේසය ; බිලියඩ් මේසය.