සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1170
බොරු
වි. සැබෑ නොවන ; පවත්නාවූ තත්ත්වයට වෙනස්; ව්‍යාප් ; මිථ්‍යා ; අසත්‍ය.
බොරු කකුල
1. නා. උසට පෙනීම සඳහා යටිපතුලට සවිකරගනු ලබන සැහැල්ලු ලීයෙන් තැනුණු ආධාරකය.
2. කැඩීගිය කකුලක් වෙනුවට ලීයෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ දමන ලද කෘතිම පාදය.
බොරු කකුල්කාරයා
(කථා.) නා. තමන් උසට පෙනී සිට නරඹන්නන් පිනවීම පිණිස බොරු පා සවිකර ගෙන පෙරහැර ආදියේ රඟන නළුවා.
බොරු වළ
නා. පෑගූ කෙනකු ඇතුළට වැටෙන ලෙස, සාමාන්‍ය බිම සේ පෙනී සිටින පරිද්දෙන් වසා, සමහරවිට උල් කටු ආදිය ඇතුළට දමා ඇති වළ/ආවාටය.
බොරුඇහැ
නා. මනුෂ්‍යයාගේ ඇහි බැමත් කනත් අතර පිහිටි නාඩි දනෙන ස්ථානයක නාමය.
බොරුව
නා. නොසැබෑව ; අසත්‍යය ; මුසාව ; අභූතය ; ව්‍යාජය ; මිථ්‍යාව ; වංචාව.
බොල(ළ)ඳ
1. වි. කෝමල ; ප්‍රිය ; ලාලිත ; සුන්දර.
2. ළපටි ; සුරතල් ; ලාබාල ; නොමේරූ.
3. නැණ නුවණින් බාල ; මෝඩ.
බොලට
නා.ප්‍ර. කකුලේ කෙණ්ඩය කෙළවර සිට පාද තලයෙහි ඇඟිලි මුල දක්වා ඇති කොටස ; වළලුකර ; ගොප් ඇටය.
බොල්
1. වි. මහත් වූ ; තදවූ ; ඝන වූ ; බහල.
2. දියාරු තෙත්වූ.
3. හිස් වූ ; අසාර වූ ; විනාශ වූ
නා.ප්‍ර. මදයෙන් තොර ඵලය ; පුස්ස ; මදය ; නො ඉදුණු ඇටය ; වී පොත්ත.
බොල් ණය
නා. ණයට දීමෙන් පසුව ආපසු බැංකුවට අයකර ගත නොහැකි ණයමුදල.
බොල්පිනි
නා.ප්‍ර. උදෑසන අහසින් වැටෙන ඉතා කුඩා දිය බිඳු.
බොල්ල
නා. (හිස්) කබල ; (ශීර්ෂ) කපාලය.
බොලු
වි. ඉදිරියට නෙරාගිය දත් ඇත්තා වූ ; බොල්ලෑ දත් ඇති.
1. නා.ප්‍ර. බොල්ලා ; බෙල්ලා.
2. බොල්ල ; කබල.
බොලොක්කය
නා. ලොකු බරක් පහසුවෙන් ඉස්සීමට හෝ ඇදීමට භාවිත වන කප්පි කීපයක් සහිත දොඹකරයකට සමාන උපකරණය ; චේන් බොලොක්කය.
බොස්ගෙඩිය
නා. කරත්ත රෝදයේ මැද කොටස ; රථචක්රනාභිය ; මෝටර් රථවල ‘හබ්’ නමැති මැද කොටස.
බොහොඬා
නා. පරිසරයට ගැළපෙන සේ පැහැය වෙනස් කර ගත හැකි, උරග ගණයට අයත් කුඩා සතෙක්; කටුස්සා ; කාකණ්ටකයා.
බොහෝ
වි. ටිකක් නොවන ; ස්වල්ප නොවන ; අධික ; අප්‍රමාණ ; බහු ; බහුල.
බෝ
1. නා.ප්‍ර. බෝධිසත්ව කෙනකු බුදුබවට පැමිණෙන අවස්ථාවේදී පිට දෙනු ලබන ගස.
2. සිදුහත් බෝසතුන් බුදුවන මොහොතේ පිට දී වැඩසිටි වෘක්ෂය ; ඇසතු ගස.
3. බෞද්ධ සිද්ධස්ථානයක ඇති ප්‍රධාන වන්දනීය වස්තු වූ දාගැබ, බෝධිය, පිළිමගෙය.
4. භුක්ති විඳීම ; අනුභවය ; භෝගය.
5. (කථා.) පීත්ත පටි ටයි ආදියකින් මලක් මෙන් ගැට ගසා විසිතුරු ලෙස සකස් කරන ලද්ද.
බෝ කරනවා
ක්‍රි. ගණන හෝ ප්‍රමාණය වැඩි කරනවා ; පැළ ආදිය වගා කරනවා ; වර්ග පරම්පරාව ඇති කරනවා.
බෝංලීය
නා. තනි ගොනා බඳින කරත්තයේ තට්ටුවේ සිට ඉදිරියට දෑළවරින් ඇති, වියගහ සවිකරන ලී දෙක ; බෝඹුලීය.
බෝක්කුව
1. නා. පාර හරහා කුඩා දිය මං ගලායාම සඳහා තනා ඇති කුඩා පාළම.
2. විශාල ගොඩනැගිලි ආදියෙහි අඩකව හෙවත් ආරුක්කු හැඩයට බැඳ ඇති ද්වාරය.
බෝග
1. නා.ප්‍ර. පරිභෝජනය හා මුදල් ඉපයීම සඳහා වගා කරන ශස්‍ය වර්ගය හෝ වෙනත් වැවිල්ල ; අල බතල ආදී වගාව.
2. භෝගය ; වස්තුව ; ධනය.
බෝගමාරුව
නා. වාරයෙන් වාරයට එක බිම් පෙදෙසක වවනු ලබන වැවිලි මාරු කිරීම ; ශස්යමාරුව.
බෝට්ටුව
නා. හබල් මගින් හෝ මෝටරයකින් හෝ දුවවනු ලබන කුඩා ජල යාත්‍රා විශේෂයක්.