සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1169
බේබද්දා
නා. මත් පැනට දැඩි සේ ඇබ්බැහි වූ තැනැත්තා ; සුරාසොඬා ; සුරාධූර්තයා.
බේරනවා
1. ක්‍රි. නිදහස් කරනවා ; මුදනවා ; අනතුරකින් හෝ විපතකින් ආරක්ෂා කර ගන්නවා.
2. ජීවිතය රැකදෙනවා ; මිය යා නොදෙනවා.
3. තෝරාගෙන ඉවත් කරනවා ; වෙන් කරනවා ; අපද්‍රව්‍ය ඉවතට දමනවා ; හලනවා.
4. ආරවුල් ආදිය සමථයකට පත්කරනවා ; නිරවුල් කරනවා ; සංසිඳුවනවා.
බේසම
නා. සේදීම සඳහා ගන්නා නොගැඹුරු පළල් භාජන විශේෂයක්.
බොකල(ළ)යා
නා. සැළලිහිණියාට ව්‍යවහාර වන නාමයක්.
බොක්ක
1. නා. බොකු ගැසුන තැන හෝ ප්‍රමාණය.
2. ජලාශයකින් ගොඩබිමට කාවැදුණු කොටස.
3. මුලුගැන්වුනු තැන ; ආවරණය වූ ස්ථානය ; ගේමුල්ල.
4. ආමාශය.
5. බාඳුරා වැලේ කොක්ක.
බොක්සල්
නා.ප්‍ර. සමන් දෙවියන්ට ව්‍යවහාර කළ අපර නාමයක්.
බොකු
වි. මැදින් නැමුණු ; උඩට හෝ යටට නෙරාගිය.
බොකුටු
1. වි. (කෙස් සම්බන්ධයෙන් යෙදේ) රැලි සහිත ; කැරලි ගැසුණු.
2. හැකිළී ගිය ; සුරුණ්ඩු වුණු
3. බෙහෙවින් වක්වූ ; බොකු ගතිය ඇති ; ඇතුළට නැමුණු.
බොජුන
නා. භෝජනය ; ආහාරය.
බොටලේරුවා
නා. මන්දිරයක බීම ගබඩාව හා පිගන් කෝප්ප භාරව සිටින සේවකයා.
බොටුව
නා. බෙල්ල ; ගෙල ; ග්රීවය.
බොඩ
1. නා.ප්‍ර. ආසන්න පෙදෙස; යාබද ප්‍රදේශය ; අසබඩ.
2. තාලවර්ගයේ ගස්වල අග කඳ තුළ පිහිටි ඉතා මෘදු කොටස.
බොඩිය
1. නා. රථවාහනවල මගීන් හෝ බඩු පටවන මැදිරිය.
2. ස්ත්රීන්ගේ පියොවුරු වැස්ම ; තනපට.
බොත්තම
1. නා. කාසයකින් රිංගවා ඇඳුමක පලු හෝ කොටස් දෙකක් එකට යා කිරිම සඳහා අවස්ථාවට යොදනු ලබන ගැටයක් හෝ පෙත්තක්.
2. තද කිරීමෙන් උපකරණයක් ක්‍රියාත්මක කිරීම සඳහා එහි සවිකරන පෙත්තක් වැනි අංගයක්.
බොදු
වි. බුද්ධාගමට අදාළ ; බුදුසමයට අයත් ; බුද්ධාගමට සම්බන්ධ ; බෞද්ධ.
බොනවා
1. ක්‍රි. දියාරු දෙයක් (නොවිකා) ගිලිනවා ; පානය කරනවා.
2. මත්පැන් බොනවා.
3. දුම්වැටි උරනවා.
4. අවබෝධ කරනවා ; වටහා ගන්නවා.
බොන් ප්‍රක්ෂේපය
නා. සෑම අක්ෂ භාගයක් ඔස්සේ ම දේශාන්තර රේඛා පරතරය නිවැරදිව මැනෙන කේතු ප්රක්ෂේපණයක්.
බොඳවෙනවා
ක්‍රි. සායම් තීන්ත ආදී කිසියම් ද්‍රවයක් වැටී හාත්පස පැතිර යනවා.
බොයිලේරුව
නා. වාෂ්ප නිපදවා ගැනීමට (හෝ සාමාන්‍ය අවශ්‍යතාවන්ට) ජලය උණු කිරිම සඳහා භාවිත වන විශාල භාජනය.
බොර
1. වි. රොන්මඩ ආදිය දියවුණු ; කැලැත්තුණු ; මඩපාටින් යුතු.
2. (ඛණිජ තෙල් ආදිය සම්බන්ධයෙන් යෙදේ) මණ්ඩි සහිත ; ශුද්ධ නොකළ අපද්‍රව්‍ය කවලම් වූ.
බොරගල්
(පාරිභා) නා.ප්‍ර. තදින් පිළිස්සුණු ගඩොල්.
බොරදන්
නා.ප්‍ර. ගොඩනැගිලිවල ගල් ද්‍රව ආදියෙහි කැටයම් කළ මල්වැල් ආදී සැරසිලි.
බොරලු(ළු)
1. නා.ප්‍ර. (කළුගල් නොවන) ගල්කැට හෝ ඒවා මිශ්‍ර පස.
2. පැළෑටි විශේෂයක්.
3. බොල් වී.
බොරවළ
නා.ප්‍ර. කම්මලේ අවි ආම්පන්න පණ පොවන දිය සහිත බඳුන නොහොත් වළ.