සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1168
බෙදනවා
1. ක්‍රි. කොටස් හෝ භාගවලට වෙන් කරනවා ; කොටස් කරනවා ; විභජනය කරනවා.
2. කොටස් කර බාර දෙනවා ; කොටස් අනුන්ට හිමි කරනවා ; බෙදා දෙනවා ; වෙන්කර දෙනවා.
බෙදුම් නඩුව
නා. ඉඩමකට හිමිකම් ඇති අය, එම ඉඩම කොටස්වලට නීත්‍යනුකූලව බෙදා වෙන්කර ගැනීම සඳහා උසාවියේ පවරන නඩුව.
බෙදෙනවා
ක්‍රි. කොටස්වලට කැඩෙනවා ; කැබලිවලට වෙන්වෙනවා ; ගණිතයේ දී ලොකු ගණනක් කුඩා ගණනකින් ඉතිරි නැතිව කොටස්වලට කැඩිය හැකිවෙනවා.
බෙනය
නා. ගසක හෝ බිමෙහි ඇති සිදුර ; කුහරය ; ගුළ ; බිල ; කෝටරය.
බෙම්
1. නා.ප්‍ර. බිය දනවන්නා ; රකුසා ; යක්ෂයා.
2. භය ; භීතිය ; භීම.
බෙයද
1. නා.ප්‍ර. කඳු බෑවුමක මැද තැන්නක් බඳු තැන ; කඳු පාර්ශ්වය.
බෙර
වි. බියකරු ; භයජනක.
බෙර ඇස
නා. බෙර කඳෙහි දෙපස ඇති සම බඳින කුහර මුඛවලින් කවර හෝ එකක් ; බෙර තලය ; බෙර මුහුණ.
බෙරය
1. නා. කුහර කරන ලද දැව සඳහා සමින් තැනුණු ඇසින් යුතුව සාදන ලද වාද්‍ය භාණ්ඩයක්; භේරිය ; දුන්දුභිය.
2. ධාන්‍ය මැනීමේ ඒකකයක්; කුරුණි පහ ; ලාස්පහ ; අඩපෑල.
බෙරලියන්තු
නා.ප්‍ර. ඉතා සියුම් ලෙස කැපූ හා ඔපදැමූ දියමන්තිය.
බෙලසුල්
1. වි. උකු වූ ; ලිස්සන සුලු ; නානු මෙන් සෙවල වූ.
2. ශ්ලේෂ්මක ; සෙම් සහිත.
බෙලහීන
වි. බලය අඩු වූ ; ශක්තිය පිරිහුණු ; දුර්වල.
බෙලහීනයා
නා. බලය අඩු වූ තැනැත්තා ; ශක්තිය පිරිහුණු පුද්ගලයා ; දුබලයා.
බෙල්ල
නා. සිරුරේ උර හා හිස අතර ඇති සිහින් කොටස.
බෙල්ලා
නා. ජලයේ මෙන්ම ගොඩබිම ද වෙසෙන මොලුස්කා වර්ගයට අයත් මෘද්වංගික ජීවියෙක්.
බෙලෙක්
1. නා.ප්‍ර. මූල ද්‍රව්‍යයක ; ටින්.
2. බෙලෙක් ආලේප කළ යකඩ හෝ වානේ තුනී තහඩුව.
බෙහෙත් කවනවා
ක්‍රි. කුණු වීම වළක්වා ගැනීමට මළ සිරුරු ආදියට ඖෂධ ගල්වනවා.
බෙහෙත් කාරකය
නා. ගුළි කල්ක ආදි බෙහෙත් වර්ග දමන කුඩා හෙප්පුව ; බෙහෙත් ද්‍රව්‍ය රැස් කර තබන කුඩා පැස.
බෙහෙත් ගෙය
1. නා. ඖෂධ වර්ග මහජනයාට සපයන ස්ථානය.
2. පුරාණයේ වෙදකම් පිළිබඳ රජයේ අංශය.
බෙහෙද
1. නා. බෙහෙත.
2. එකිනෙකින් වෙනස් බව ; බෙදුම.
3. පර්වත මතුයෙහි වැල් ආදියෙන් වැසී පවත්නා තැනි බිම.
බේ
1. නා.ප්‍ර. අසමගිය ; භේදය ; භින්නතාව.
2. කොටස ; කොට්ඨාසය ; ප්‍රභේදය.
3. නැමී ගිය නිය පොත් ; වක් වූ නිය.
4. අඩ ; අර්ධය ; භාගය.
බේකරි කර්මාන්තය
නා. තිරිඟු පිටි පෝරණුවේ පුළුස්සා නොයෙකුත් ආහාර වර්ග නිෂ්පාදනය කිරීමේ කර්මාන්තය.
බේත
නා. රෝග පලිබෝධ ආදිය සඳහා යොදනු ලබන ප්‍රතිකාරය ; ඖෂධය ; බෙහෙත.
බේද වෙනවා
1. ක්‍රි. අසමඟි/සතුරු වෙනවා.
2. කැඩෙනවා ; බිඳීයනවා ; භින්නවෙනවා ; සම්බන්ධය නැතිවෙනවා.