සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1167
බුහුටි
වි. පළපුරුදු ; ශූර.
බුහුන
නා.ප්‍ර. බුහුන් එක් කුස ඔත් සහෝදරිය ; භගිනිය.
බුහුනැණි
නා.ප්‍ර. සහෝදරිය.
බුහුමන්
නා. ගෞරවය ; බහුමානය.
බූ
1. නා.ප්‍ර. පොළොව ; පෘථිවිය.
2. ලෙල්ල; පිටවැස්ම.
3. මහල ; තට්ටුව.
4. භූතයා.
5. බූව.
බූ ගානවා
ක්‍රි. හිසකෙස්, රෝම ආදිය මුළුමනින් (දැලිපිහි ආදියෙන්) ගා දමනවා.
බූටෑව
නා. ඝන ව වැඩුණු කැලෑව ; වන රොද.
බූත
1. නා.ප්‍ර. අමනුෂ්‍යයා.
2. භූතයා ; භූතාවේශී පුද්ගලයා ; බියවීමකින් ඇතිවන විකාරය.
3. පොලොව (පෘථිවි), දිය (ආපෝ) ගිනි (තේජෝ) සුළඟ (වායෝ), අහස (ආකාශ) යන පංච මහා භූත.
5. සත්ත්ව වර්ගයා.
6. ඇදහිය නොහැකි කථාව ; නුවූ දෙය.
බූතාවේසය
බූදලය
නා. කෙනකු සතු දේපල ; වස්තුව.
බූනා
1. නා. අමනුෂ්‍යයින්ගේ නායකයා ; ඊශ්වර දෙවියා.
2. පොළොවට නායක රජු ; භූපති.
බූමාටු
වි. පොළොව ඇසුරුකර සිටින.
බූමාටු දෙවියා
නා. පොළොව ඇසුරුකර සිටින දෙවියා ; රුක් දෙවියා.
බූයම
(කථා.) නා. මැටියෙන් තනනු ලබන භාජන විශේෂයක් බුජම ; බූලිය.
බූව
නා.ප්‍ර. සමහර ගස් වැල් කොළ රිකිළි ආදියේ ඇති කෙටි තියුණු රළු කෙඳි ; සමහර සතුන්ගේ හමේ ඇති රළු ලෝම ; ඇතැම් රෙදි මතුපිට ඇති සිනිඳු ලොම්.
බූවල්ල
1. නා. පොල් මලේ ගෙඩි හට ගත් මහ නටුව ; පොල් ගෙඩි හටගත් පසුව වියළී ගිය ලොකු නැට්ට.
බූවල්ලා
නා. හිසෙන් ඇදුණු පාද වැනි අඬු අටක් ඇති මුහුදේ වැඩෙන මෘද්වංගියෙක්.
බූසිය
1. නා. බෙහෙත් තුවක්කුවේ වෙඩි බෙහෙත් හා මූනිස්සම් නොහැළෙනු සඳහා ඔබන කොහු, රෙදි ආදියෙන් පිළියෙල කරගත් ගුළිය.
2. (කථා.) ඝන ලෙස වැඩුණු කෙසේ ආදී සමූහය ; රාශිය ; පඳුර ; ගහණය ; බූසේ.
බෘන්දය
1. නා. ගොඩ ; රැස ; රාශිය.
2.පිරිස ; සමූහය ; කුලය.
3. රැස්වුණු වස්තුව ; සම්පත.
බෘහස්පතී
1. නා.ප්‍ර. ග්‍රහලෝක නවයෙන් එකක නාමය ; ගුරු ග්‍රහයා.
2. දෙවියන්ගේ ආචාර්යවරයා ; සුරගුරු.
බෙක්මාන් උෂ්ණත්වමානය
(පාරිභා.) (නා.] සියුම් සංවේදීතාවක් ඇති විශේෂ රසදිය උෂ්ණත්වමානයක නාමය ; උෂ්ණත්වයේ සියුම් වෙනස්වීම් අකුරට මැනිය හැකි උෂ්ණමාපකය.
බෙත්ම
1. නා. බෙදීම ; කොටස් කිරීම ; බෙදාදීම ; බෙදා වෙන්කර දීම.
2. ඇති ප්‍රමාණය අනුව කුඹුරුවලට දිය බෙදාදීම.
බෙත්මේ රාල
නා. විහාරයක හෝ දේවාලයක ඉඩම්වල භාරකරු ; විහාර හෝ දේවාලාදියක ආදායම එකතු කරන නිලධාරියා.
බෙදන කටුව
නා. දිග මැනීමට හෝ කුඩා දිග ප්‍රමාණයක් කොටස්වලට බෙදීමට භාවිත කරන මිනුම් උපකරණයක් ; පාසල් සිසුන්ගේ කවකටු පෙට්ටියක අඩංගු උපකරණ අතුරින් එකකි.