සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1173
භක්තිපුරස්සර
වි. භක්තිය පෙරටු කොට ගත් ; භක්තිය ප්‍රධාන කොට ඇති.
භක්තිය
1. නා. ගරු සැලකිල්ල ; ආදරය ; බැඳීම.
2. පැහැදීම ; ඇදහීම ; විශ්වාසය.
3. සේවනය ; භජනය ; ආශ්‍රය.
භක්ෂක
වි. කන්නා වූ ; අනුභව කරන.
භක්ෂකයා
නා. කන්නා ; අනුභව කරන්නා ; බුදින්නා.
භක්ෂණ
වි. කන ; බුදින ; ආහාර කොට ගන්නා.
භක්ෂණය
නා. කෑම ; අනුභව කිරිම ; ආහාරයට ගැනීම.
භක්ෂ්‍ය
වි. කෑ යුතු ; අනුභව කළයුතු ; ආහාර පිණිස වූ.
භග
1. නා.ප්‍ර. භාග්‍යය ; වාසනාව ; ඓශ්චර්යය ; යසස.
2. මුත්‍ර මාර්ගය හා මළ මාර්ගය අතර ප්‍රදේශය.
3. යෝනි මුඛය අවට ප්‍රදේශය.
4. බක් මාසය.
5. වෛදික දෙවියෙක්.
භගමණිය
නා. ක්ෂීරපායි ගැහැණු සතුන්ගේ යෝනි විවරය ඉදිරිපිට තිබෙන උත්පාටික පටක ගුළිය.
භගවත්
වි. භග ධර්මයෙන් යුත් ; භාග්‍යවන්ත ; පින්වත් වූ.
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. ජෛන ශාස්තෘවරයා හෝ ජෛන ශ්රාවකයා ; භාග්‍යවන්තයා ; පිනැත්තා.
භග්න
වි. බිඳුණු ; විනාශ වූ ; නැති කළ.
භග්න දෝෂ
නා.ප්‍ර. නසන ලද දොස් ඇති බව ; නිර්දෝෂිත්වය.
භග්න ස්වරය
නා. බිදුණු උච්චාරණය ; සිඳී ගිය උච්චාරණ හඬ ; ස්වර භේදය.
භග්නය
1. නා. බිඳීම ; විනාශ කිරීම ; නැතිකර දැමීම.
2. (වෛද්‍ය.) ඇට බිඳීම ; කැඩීයාම ; භංගය.
3. (සංගී.) (ප්‍ර. යෙදේ) හින්දුස්තානි සංගීතයෙහි දැක්වෙන අට වැදෑරුම් ශබ්ද දෝෂවලින් එකක්.
4. (සංගී.) (ප්‍ර.යෙදේ) හින්දුස්තානි සංගීතයෙහි දැක්වෙන සප්ත තාල ප්‍රභේදවලින් එකක්.
භගිනි
නා.ප්‍ර. සහෝදරිය ; අක්කා හෝ නංගී.
භගිනිභාර්යා
නා.ප්‍ර. සහෝදරියක මෙන් සැමියාට හිතවත් බිරිය ; සප්ත භාර්යාවන්ගෙන් හත් වර්ගයෙන් එක් වර්ගයක්.
භඞ්ගිය
1. නා. (අලං.) වෙනත් අයුරකින් පැවසීම ; ව්‍යංග්‍යය.
2. විලාසය ; ලීලාව.
භජනය
නා. ඇසුරු කිරීම ; ආශ්‍රය කිරීම ; සේවනය කිරීම.
භඤ්ජනය
නා. බිඳීම ; කැඩීම ; විනාශ කිරීම.
භටයා
1. නා. සෙබළා.
2. යුද සෙනෙවියා.
3. සේවකයා ; මෙහෙකරුවා ; දාසයා.
4. සොළොස් වැදෑරුම් යාචක වර්ගවලින් එකක්.
භණනය
නා. කීම ; ප්‍රකාශ කිරීම ; පැවසීම.
භණ්ඩ
1. නා.ප්‍ර. වෙළඳාමේ මූල ධනය.
2. (විනය.) බඩු ; භාණ්ඩ ; වස්තුව ; දේපල.
භණ්ඩනය
නා. කලහයක පළමු අවස්ථාව ; කෝලාහලයකට පෙර ඇරඹෙන විවාදය.
භණ්ඩික
1. නා.ප්‍ර. රාශියක් එක් කොට බඳනා ලද පොදිය ; පොට්ටනිය.
2. දොඩම්, නාරං, ලුනු ආදියේ බික.