සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1174
භත්ත සාලාව
නා. භෝජන ශාලාව ; දාන ශාලාව.
භත්තිය
1. නා. බටකොළ, වේවැල්, පන් ආදියෙන් කූඩයක හැඩයට සකස් කළ තොප්පි විශේෂයක්.
2. වී ගොඩක්, බිස්සක් මතින් තනන ලද වහල ; මැස්ස.
3. ශක්තිය.
භදන්ත
වි. භික්ෂුන් සඳහා විශේෂයෙන් යෙදෙන ගෞරව පදයක් ; පූජ්‍ය ; ගෞරවාර්හ.
භද්‍ර
වි. යහපත් ; උතුම් ; ඉෂ්ට.
භද්‍ර කල්පය
නා. බුදුවරයන් පස් නමක් පහළ වන හෙයින් ලෝකවාසීන් වෙත අතිශය ශුභ සිද්ධිය සැලසෙන සේ පිළිගැනෙන කල්ප කාලය.
භද්‍ර කුම්භය
නා. ඉෂ්ටාර්ථය සලසා දෙන කලස ; දෙව්ලොව ඇතැයි සැලකෙන ඉෂ්ටාර්ථ සිද්ධ කළය ; භද්‍රඝටය.
භද්‍ර පීඨය
1. නා. උතුම් පුටුව ; උසස් අසුන ; සිහසුන.
2. බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලෙහි වූ 108ක් මඟුල් ලකුණුවලින් එකක් ; පුටු සලකුණ.
භද්‍ර යෞවනය
නා. තරුණ වියේ මුල් අවධිය ; ප්‍රථම යෞවනය.
භද්‍රක
වි. යහපත් ; සුන්දර ; ඉෂ්ට.
නා.ප්‍ර. කාව්‍ය වෘත්තයක නාමය.
භද්‍රකාලි
1. නා.ප්‍ර. උමාවගේ හෙවත් පාර්වතීගේ බිහිසුණු ස්වරූපය.
2. යක්ෂණියකගේ නාමයක්.
භද්‍රය
1. නා. යහපත ; කුසලය.
2. (දර්ශන.) අලංකාරය ; සුන්දරත්වය.
3. (ප්‍ර. යෙදේ) ලෝහ විශේෂයක් ; රත්රන් කළු ඊයම්.
4. දියවක, සතවක, දොළොස්වක යන තිථි තුන.
5. වෘෂභ ලග්නය.
6. පංචාංගයෙන් එකක නාමය.
7. යහපත් තැනැත්තා.
භද්‍රා
නා.ප්‍ර. (ජ්‍යෝති.) 1. පස් ආකාර තිථි ප්‍රභේදයෙන් එකක්.
2. යෝගයක්.
3. ආකාශ ගංගාව ; සුර ගඟ.
4. එළදෙන.
5. සොඳුරිය ; සුන්දරිය.
6. උතුරු දිගින් පොළොව උසුලාගෙන සිටිතැයි කියන ඇතා.
භභුජංගයා
1. නා. සර්පයා ; උරගයා ; නාගයා.
2. ක්‍රීඩකයා ; ධූර්කයා.
භය
නා. හානියක් වෙතැයි සිතේ හටගන්නා ආවේගය ; තැතිගැනීම ; බිය ; භීතිය ; ත්‍රාසය.
භයංකර
වි. බිය උපදවන ; තැති ගන්වන ; බියකරු.
භරණය
නා. මා පිය අඹුදරු ආදීන්ගේ පෝෂණය පිළිබඳ වගකීම.
භර්තෘ
වි. ස්වාමි පුරුෂයා ; බිරිඳක් ඇති තැනැත්තා.
භරිත
වි. බරවුණු ; සුසැදි.
භව මූලය
නා. ඇතිවීමට හෙවත් හට ගැනීමට හේතු වන කරුණ; ඉපදීමට මුල් වන හේතුව.
භව ශක්තිය
නා. උත්පත්තියෙන් යම් තැනැත්තකු ගෙන ආ බලය ; සසර පුරුද්ද අනුව යමකු සතු හැකියාව ; බලය.
භව සංඥාව
නා. භවය පිළිබඳ සලකුණ ; ව්‍යුති උත්පත්ති වශයෙන් පවත්නා භවය සම්බන්ධ හැඟීම.
භවංග
වි. භවයේ පැවැත්මට හේතු වන.
භවකාරක
වි. භවය ඇති කරන ; හටගැනීම ඇති කරන ; උපදවන.
භවචක්‍රය
නා. ආදි අන්ත නොපෙනන සංසාර චක්‍රය.