සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1175
භවතණ්හාව
නා. භවය පිළිබඳ ආශාව.
භවත්
වි. පින්වත් වූ ; බුහුමන් කටයුතු වූ.
නා.ප්ර. පින්වත් තැනැත්තා ; පින්වතා.
භවත්රය
නා. බුදු දහමෙහි සියලු සත්ව ලෝකය බෙදා දක්වන කාමභව, රූපභව, අරූපභව යන තුන් වැදෑරුම් භවය.
භවනය
නා. නිවාසය ; වාසස්ථානය ; ස්ථිර වාසය.
භවනවා
ක්රි. මනස වඩනවා ; සිත වර්ධනය කරනවා ; භාවනා කරනවා.
භවභෝග සම්පත්
1. නා.ප්ර. භව සම්පත් භෝග සම්පත් යන දෙක.
2. ලෞකික සශ්රීකත්වය පිළිබිඹු කරන භෞතික හෙවත් ද්රව්යමය හිමිකම්.
භවය
1. නා. හට ගැනීම ඇතිවීම ; පහළ වීම.
2. සත්වයකුගේ ආත්මභාවය.
3. ඉපදීමට හෙවත් ජාතියට හේතුව.
4. කාම, රූප, අරූප යන තුන් වැදෑරුම් වූ සත්වයකුට ඉපදෙන්නට පිළිවන් උත්පත්ති අවස්ථා තුන ; භවචක්රය.
5. මැරි මැරි ඉපදී පවත්නා තත්ත්වය ; සසර ; සංසාර චක්රය.
භවරාගය
නා. භවය පිළිබඳ ඇල්ම ; භව තෘෂ්ණාව.
භව්ය
වි. සුදුසු ; විය යුතු ; යෝග්ය ; තත්වානුරූප.
නා.ප්ර. ධර්මාවබෝධයට සුදුස්සා ; වර්තමාන භවයෙහි ම මාර්ගඵල ලැබීමට සුදුස්සා.
භවාංග චිත්තය
නා. භවයෙහි පැවැත්මට අංගයක් වූ සිත ; ප්රකෘති සිත ; මනෝද්වාරය.
භවාංගය
නා. අභිනව භවයේ උපන් සත්වයාගේ චිත්ත සන්තතිය නොසිඳී පැවැත්මට හේතුවන සිත.
භවාග්රය
[භව + අග්රය]
නා. ච්යුති උත්පත්ති වශයෙන් පවත්නා වූ භවයෙහි කෙළවර ; අකනිටා බඹලොව.
භවාන්තරය
නා. අන්ය භවය ; මේ අත්බවට පෙර වූ හෝ පසු ව වන්නා වූ භව හෙවත් උත්පත්ති.
භවාශ්රවය
නා. භව තෘෂ්ණාව.
භවික
1. වි. භවය හා සම්බන්ධ ; භවයට අයත්.
2. භවයෙහි - උපන්.
භවිතව්ය
වි. විය යුතු ; සිදුවිය යුතු.
භවිෂ්යත්
වි. අනාගතයේ දී සිදුවන.
භස්ත්රාව
1. නා. සමින් හෝ සම් වැනි දෙයකින් කරන ලද මල්ල ; බතුර.
2. මල්ලක් මෙන් පිළියෙල කරන ලද්ද.
3. කම්මල් ගිනි උදුනට හුළං පිඹීමේ උපකරණය ; මයින හම.
භස්ම
1. නා.ප්ර. දැවී ශේෂ වූ දෙය; අළු.
2. (පාරිභා.) අම්ලයක් සමග ප්රතික්රියාවීමෙන් ලවණය හා ජලය පමණක් ඇතිවන ද්රව්යය.
3. ඖෂධ විශේෂයක් වන අමු කපුරු.
භස්මක
1. නා.ප්ර. රන්.
2. රිදී.
භස්මාවශේෂ
නා.ප්ර. (මිනිස් සිරුර) දැවීමෙන් පසු ඉතිරි වූ ඇටකැබලි හා අළු.
භස්මීකරය
නා. (යමක්) දැවීම සඳහා යොදාගනු ලබන උපකරණය.
භ්රංශය
1. නා. වැටීම ; පහත වැටීම.
2. (සත්ව.) අවපාතනය ; පරිවෘත්තීය ක්රියාකාරිත්වය අඩු වීම.
භ්රම බුද්ධිය
නා. හදිසි වැටහීම ; අමුතු අවබෝධය.