සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1177

භාග්‍යවතුන් වහන්සේ

නා. චතුරාර්ය සත්‍යය අවබෝධ කළ උතුමාණන් වහන්සේ ; බුදුරජාණන් වහන්සේ ; බුදු රජ.

භාගි

1. වි. පංගුකාර ; පංගු හිමි ; පංගු සහිත.
2. භාග ඇති ; භාග සහිත.

භාගික

(පාරිභා.) වි. කොටස් වශයෙන් ; භින්න ගණන්වලින් යුක්ත.

භාගිනෙය

නා.ප්‍ර. සහෝදරියගේ පුතා ; බෑනා.

භාජක

වි. බෙදා දෙන ; බෙදා හරින.

භාජකය

1. නා. ගණනක් බෙදන ගණන ; භාජ්‍යය ; බෙදන සංඛ්‍යාව.
2. යම් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදිය යුතු බව හැඟවීම පිණිස දන්වන සලකුණ (÷).

භාජන

වි. බෙදන ; බෙදාහරින.

භාජනය

1. නා. (ප්‍ර. යෙදේ) බෙදීම.
2. මැටි, දැව, ලෝහ ආදියෙන් කළ බඳුන ; වළඳ.

භාජ්‍යය

නා. (ගණිත.) බෙදීම සඳහා පවතින සංඛ්‍යාව; බෙදිය යුතු වූ ගණන.

භාජිත

වි. බෙදන ලද.

භාජිතය

නා. එක් සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදීමෙන් ලැබෙන උත්තරය ; ලබ්ධිය.

භාණකයා

1. නා. බණ දෙසන තැනැත්තා ; දේශකයා ; සජ්ඣායනය කරන්නා.
2. කට පාඩමින් කියන්නා ; දෙසන්නා ; සජ්ඣායනය කරන්නා.

භාණ්ඩ හුවමාරු ක්‍රමය

නා. (මුදල් නොව) බඩු බාහිරාදිය ගනුදෙනුවෙන් කරන වෙළඳාම.

භාණ්ඩය

නා. ද්‍රව්‍යය ; උපකරණය ; බඩුව ; වස්තුව.

භාණ්ඩාගාරය

1. නා. භාණ්ඩ හෝ මුදල් ඇතුළු වස්තුව තැන්පත් කර තබන තැන ; ගබඩා ගෙය.
2. රටක මහජන මුදල් පාලනය කරන රාජ්‍ය අංශය.

භාණ්ඩාගාරිකයා

නා. භාණ්ඩාගාරය සන්තක ධනය ආරක්ෂා කරන සහ පාලනය කරන නිලධාරියා ; භාණ්ඩාගාරයේ අධිපතියා ; ගබඩා නිලමේ ; බඬෑරියා.

භානු

1. නා.ප්‍ර. ඉර ; සූර්යයා.
2. එළිය ; ආලෝකය ; රශ්මිය ; දීප්තිය.
3. රජ කුමරා ; ස්වාමියා.

භාමි

වි. කෝප වූ ; තරහ වූ.

භාමිතිය

(පාරිභා.) නා. ප්‍රකාශ ශක්තිමාපක යන්ත්‍රය ; දීප්තිමානය ; ප්‍රකාශ තීව්‍රතා මාපකය.

භාමිනී

1. නා.ප්‍ර. ස්ත්‍රිය ; කාන්තාව.
2. කිපෙනසුලු කාන්තාව.
3. කාමුක ස්ත්‍රිය.
4. (ජ්‍යෝති.) කන්‍යා ලග්නය.

භාර ඔප්පුව

(පාරිභා.) නා. දේපළක් විශ්වාසය උඩ පවරා දීමේ ලේඛනය/ඔප්පුව ; විශ්වස්ත පත්‍රය.

භාරත

නා.ප්‍ර. කඩදාසි කුට්ටමේ කොළ වර්ගයක්.

භාරය

1. නා. බර වූ දෙය.
2. ලීවරයක් ආධාරයෙන් සොලවනු ලබන වස්තුව හෝ ද්‍රව්‍යය.
3. බර ප්‍රමාණයක් ; තුලා විස්සක බර.
4. කටයුත්ත ; වගකීම.
5. අයිතිය ; බුත්තිය.
6. ඉසිලීමට නොහැක්ක.
7. දුෂ්කරය ; අපහසුව.
8. ආරක්ෂාව.

භාව ගීතය

නා. අර්ථයට වඩා භාවය හෙවත් හැඟීම ප්‍රකාශ වන පරිදි රචනා කළ ගීතය ; හැඟීම් ප්‍රකාශ කරන ගීතය.