සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1198
මධ්යම වයස
නා. සියක් අවුරුදු ජීවිතයක කොටස් තුනෙන් දෙවන කොටස ; තිස්හතර වන වියෙහි පටන් ඇති අවුරුදු සූතිස ; මැදිවිය.
මධ්යම සකසනය
(පාරිභා.) නා. පරිගණකයක ප්රධාන සැකසුම් ඒකකය ; පරිගණකයේ මොළය.
මධ්යශ්ලේෂය
(පාරිභා.) නා. 1. සීලෝමාන්ත්රධරයන් ගේ බහිශ්චර්මයත් අන්තශ් චර්මයත් අතර තිබෙන ජෙලටිනීය ස්තරයක් ; මධ්යචර්මීය පටකය.
2. මධ්ය චර්මයෙහි පිහිටි කොටසක්.
මධ්යස්ථතාව
1. නා. මැදහත්බව ; අපක්ෂපාතිකම.
2. (ක්රිස්ති.) කෙනකු වෙනුවෙන් මැදිහත් වී කටයුතු කිරීම ; යම් අයකු උදෙසා යාච්ඤා කිරිම.
මධ්යස්ථානය
නා. මූලික ස්ථානය ; ප්රධාන ස්ථානය ; කේන්ද්රස්ථානය.
මධ්යාංශ
(පාරිභා.) වි. මධ්යයට ළං ව හෝ එය හා එකට පිහිටි.
මධ්යාන්ත්රය
(පාරිභා.) නා. අන්ත්රයේ මැද කොටස හෝ පෘෂ්ඨවංශී කලලයේ අන්ත්රයේ ඇතුළත අතුණුබහන ; මැදි බඩවැල.
මධ්යාහ්න රේඛාව
නා. පොළොවෙහි උත්තර ධ්රැවයෙහි සිට දක්ෂිණ ධ්රැවය දක්වා විහිදෙමින් නිරක්ෂයට සෘජු කෝණික ව පවතින කල්පිත රේඛාව.
මධ්යාහ්නය
නා. ඉර මුදුන් වන වේලාව ; මධ්යම දහවල් කාලය ; මැදි දහවල.
මධු
1. නා.ප්ර. මී පැණි.
2. මල් පැණි ; පුෂ්ප මකරන්දය.
3. මත් කරවන පානය ; මද්යය.
4. මාස දොළොසින් එකක නාමය ; බක් මාසය.
5. කිරි.
6. ජලය.
7. වැල්මී.
8. ඊයම්.
මධු සූදන
1. නා.ප්ර. මී මැස්සා.
2. විෂ්ණු.
මධුක
1. නා.ප්ර. මී පැණි.
2. උක් පැණි.
3. උක්සකුරු.
4. පුෂ්ප විශේෂයක් ; මීමල් ; මී පුප්.
5. මිදි ; මුද්දරප්පලම්.
6. මීගස.
7. ඖෂධීය ලතා විශේෂයක්; වැල්මී.
8. ලෝහ වර්ගයක නාමය ; සුදු ඊයම්.
මධුප
නා.ප්ර. මී මැස්සා ; භෘංගයා.
මධුපටලය
නා. මීවදය.
මධුපර්කය
1. නා. දී කිරි, ගිතෙල් මී පැණි, උක්සකුරු, පිරිසිදු ජලය ආදියෙන් සකස් කර ගන්නා ශුද්ධ ආහාරයක්.
2. කිරි, ගිතෙල්, වතුර, සීනි, මීපැණි යන ද්රව්ය පස.
මධුපල
නා. අඹ.
මධුපානය
1. නා. මී බීම ; මල් පැණි බීම.
2. රහමෙර පානය ; මද්යපානය.
මධුම
නා.ප්ර. ග්ලූකෝස්.
මධුමත්තාව
නා. මධුයෙන් මත් වූ කාන්තාව.
මධුමාසය
නා. වසන්ත කාලය.
මධුමේහය
නා. දියවැඩියා රෝගය.
මධුර
වි. දිවටත් කනටත් ඉතා රසවත් ; මියුරු ; මිහිරි ; රුචි දනවන ; මනෝඥ
නා.ප්ර. ; මිහිරි රසය ; පැණි රසය ; පැණි.
මධුර භාරතී
නා.ප්ර. මිහිරි වචනය ; කන්කලු වදන.
මධුරකය
(පාරිභා.) නා. අප්රියබව නැති කිරීමට මී පැණියෙහි බහා හෝ පැණි හෝ රසැති සිරප් වර්ගයක් හා මිශ්රකර මිහිරි කරන ලද බෙහෙත.