සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1226

මානදණ්ඩ

නා. මැනීමට ගන්නා ලීය ; කෝදුව ; සම්මත මානය ; මිණුම් දණ්ඩ.

මානන

1. වි. බුහුමන් කරන ; වන්දනයට පාත්‍ර කරන.
2. මැනීම කරන.

මානනය

නා. බුහුමන් කිරීම ; ගරු කිරීම ; පිදීම.

මානනවා

1. ක්‍රි. කුරුමානම් අල්ලනවා ; ඉලක්කය අල්ලනවා.
2. (උගුල් ආදිය) අටවනවා ; කෙකි ආදිය දික්කරනවා.
3. පිළියෙල කර තබනවා.
4. (පාරිභා.) (යන්ත්‍ර සූත්‍ර වැනි දෙයක්) දක්ෂ ලෙස ක්‍රියාත්මක කරවනවා.
5. බුහුමන් කරනවා ; ගරු කරනවා.
6. මනිනනවා ; ප්‍රමාණ කරනවා.
7. (කථා.) උඩින් උඩින් මෙන් ඇවිදිනවා ; හෙමින් ඇවිදිනවා.

මානනීය

වි. බුහුමනට සුදුසු ; සම්භාවනීය.

මානපස

නා. මධ්‍යකාලීන සිංහල රජවරුන් විසින් වීරයන්ට බුහුමන් පිණිස පිරිනැමූ භාණ්ඩ පංචකය.

මානභංගය

නා. අහංකාරය බිඳීම ; හෙළා දැක්ම; අවමානයට පත්කිරීම.

මානමද

නා.ප්‍ර. අහංකාරය නිසා කෙනෙකුගේ හිතෙහි පහළ වන මත්බව.

මානය

1. නා. අහංකාරය ; උඩඟුබව.
2. (කථා.) මනින · උපකරණය ; මැනීම සඳහා භාවිත කරන උපකරණය.

මානරාගය

නා. පුරුෂත්වය නිසා ඇති වන මදය ; පුරුෂ මානය.

මානව

1. වි. මිනිසා පිළිබඳ වූ ; මනුෂ්‍යයා සම්බන්ධ වූ.
2. ශිෂ්ට ලොවක් පිළිබඳ වූ.
නා.ප්‍ර. මනුෂ්‍යයා ; මිනිසා.

මානව ඉතිහාසය

නා. ඉතිහාසය, ආගම, සමාජය, පාලනය ආදී මනුෂ්‍ය ජාතීන් සතු ඓතිහාසික පුවත.

මානව කල්ප

(පාරිභා.) වි. (සත්ව.) මිනිසා වැනි.

මානව දයාව

නා. මනුෂ්‍යවාදය පිළිබඳ අනුකම්පාව ; පොදු මනුෂ්‍යත්වය පිළිබඳ ආදරය.

මානව භක්තිය

නා. මනුෂ්‍යයන් කෙරෙහි ඇති වන සානුකම්පික හැඟීම ; මානවවාදය.

මානව විද්‍යාව

නා. මිනිස් වර්ගයාගේ පරිණාමය සහ පැවැත්ම හා සම්බන්ධ වූ ජීව විද්‍යාත්මක, සංස්කෘතික හා භෞතික පරිසරය පිළිබඳ විද්‍යාව.

මානව ශාස්ත්‍රය

(පාරිභා.) නා.ප්‍ර. මිනිසුන් පිළිබඳව ඉගෙනීම ; මානුෂික අධ්‍යයනය.

මානව සංස්කෘතිය

නා. මනුෂ්‍ය සමාජයකට ආවේණික සිරිත් විරිත් ගති පැවතුම් ඇදහිලි ආදියෙහි එකතුව ; මනුෂ්‍ය ශිෂ්ටාචාරය.

මානවකයා

නා. තරුණයා ; යෞවනයා ; පුරුෂයා.

මානවතාව

නා. මිනිසත්බව ; මනුෂ්‍යත්වය.

මානවිකාව

නා. තරුණිය ; යෞවනිය ; කාන්තාව.

මානවීය

වි. මිනිසාට අයත් වූ ; මිනිසා පිළිබඳ වූ ; මනුෂ්‍යයා සම්බන්ධයෙන් වූ.

මානවෝත්පත්තිය

[මානව + උත්පත්තිය]
නා. මිනිසාගේ උපත ; මනුෂ්‍යයාගේ උත්පත්තිය.

මානවෝද්භවය

[මානව + උද්භවය]
නා. මිනිසාගේ ආරම්භය හැදෑරීම.

මානස

නා.ප්‍ර. චිත්තය ; සිත