සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1227
මානස්යය
නා. දැවයෙන් කළ ගෙය.
මානසික
වි. චිත්තය පිළිබඳ වූ ; සිතෙහි වූ ; කල්පනාවට අයත් ; මනෝමය.
මානසික ආබාධය
(පාරිභා.) නා. සිතෙහි ගිලන් බව ; මනස අවුල්වීම නිසා හටගන්නා රෝග.
මානසික ආරෝග්‍යශාලාව
නා. මානසික රෝගවලට පිළියම් කරන රෝහල ; උමතු රෝගීන්ට ප්‍රතිකාර කරන ආරෝග්‍යශාලාව ; උන්මත්තකාරෝග්ය ශාලාව.
මානසික ඉන්ද්‍රීය මතය
නා. සිත පිළිබඳ අධ්‍යයන මතයක් ; තර්කනය, විනිශ්චය, ස්මරණය, බුද්ධිය ආදි ලක්ෂණ මනසේ ඇතැයි විශ්වාස කළ මතය.
මානසික ඌනතාව
(පාරිභා.) නා. චිත්ත ස්වභාවයක් ; බුද්ධියේ පසුබැස්ම.
මානසික ශාස්ත්‍රය
නා. චිත්ත ධර්ම ශාස්ත්‍රය.
මාන් බලනවා
ක්‍රි. එල්ලය බලනවා ; මාන බලනවා ; කුරුමානම් අල්ලනවා.
මාන්චුව
1. නා. සන්ධිය ;
2. බැඳීමේ උපකරණයක් ; විලංගුව ; හැකිල්ල.
මාන්ත්රික
වි. මන්ත්රවලට අයත් ; මන්ත්‍ර සම්බන්ධ වූ.
මාන්දම
නා. ළදරු රෝගයක් ; මන්දාග්නිය ; ග්‍රහණිය.
මාන්දුව
(කථා.) නා. මලානික බව ; තෙහෙට්ටුව.
මාන්නක්කාරයා
1. නා. අහංකාර තැනැත්තා.
2. (ධීව.) ධීවරයන් විසින් තෝරා නමැති මත්ස්‍යයා හඳුන්වන විකට නාමයක්.
මාන්නය
1. නා. මානය ; අහංකාරය ; උඩඟුකම.
2. (කථා.) සැකබිය ; ලජ්ජාගතිය ; කුලෑටිකම.
3. රජය වැනි උසස් ආයතනයකින් ලබන ගරු නම්බුනාමය ; උපහාරය.
මාන්සිය
නා. (කථා.)
1. මහන්සිය.
2. ප්රයත්නය ; උත්සාහය.
3. ආශ්වාස ප්‍රශ්වාස කිරීමට ඇති අපහසුව ; ඇදුම රෝගය.
මාන්‍ය
වි. මානනය කළ යුතු ; පිදිය යුතු ; ගරු බුහුමන් කටයුතු.
මානාධික
මානාවරිය
නා. ගඟ දියෙන් වැඩ කරන කුඹුර.
මානි
වි. මානය ඇති ; අහංකාරවත්.
මානිකාව
නා. මානවිකාව ; තරුණ ස්ත්‍රිය.
මානිනිය
නා. මාන ඇති ස්ත්‍රිය ; අහංකාර කාන්තාව.
මානිල්
නා.ප්‍ර. නිල් පැහැති අලංකාර මල් සහිත ජලජ පැළෑටියක් ; නිලුපුල් ; ඉන්දීවර ; ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සේ සැලකේ.
මානුෂ
වි. මිනිසාට අයත්; මිනිසා පිළිබඳ.
නා.ප්‍ර. මිනිසා ; මනුෂ්‍යයා.
මානුෂක
වි. මනුෂ්‍යයන් පිළිබඳ ; මිනිසුන්ට අයත්.