සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1228
මාපක
1. වි. මැනීම හා සම්බන්ධ ; මැනීම සඳහා භාවිත කරන.
2. මවන/මැවූ ; නිර්මාණය කරන/කළ.
මාපකය
1. නා. මැනීම සඳහා භාවිත කරන උපකරණය ; මිනුම් දණ්ඩ ; මාන යන්ත්‍රය.
2. (ප්‍ර. යෙදේ.) මැනීම කරන්නා ; කිරුම්කාරයා ; මනින්නා.
මාපය
(පාරිභා.) නා.ප්‍ර. මිම්ම ; මිනුම.
මාපා
1. නා.ප්‍ර. මහා ආදිපාදයා ; මහා ඈපා ; මහා ඇමැති ;
2. මහා ප්‍රාසාදය ; ලොකු ගෙය ; ප්‍රාසාදය ; මාලිගාව.
3. මහා ගස.
මාපිය
1. නා. මහත් වූ ප්‍රීතිය ; ලොකු සතුට.
2. මව සහ පියා.
මාපිරි
නා.ප්‍ර. පුන්සඳ.
මාබල්
1. නා.ප්‍ර. ගොඩනැඟිලි සෑදීමට හා ප්‍රතිමා ආදිය නෙළීමට ගනු ලබන්නා වූ ද, ඔප දැමිය හැකි බෙහෙවින් තද පැහැ වයිරමින් යුත් ගල් විශේෂයක්.
2. මාබල් බදාමයෙන් නොහොත් වීදුරුවලින් සාදන ලදුව ළමුන් ක්‍රීඩා සඳහා පාවිච්චි කරනු ලබන ඇට බෝල, ජිල් බෝල, ටීක් බෝල ආදිය.
මාමක
1. වි. මගේ යැයි සිතන ; තමාට අයත් යැයි විශ්වාස කරන.
2. ළැදි ; සිත් බැඳි ; හිතවත්.
මාමණ්ඩි
නා.ප්‍ර. මාමා ; නෑකමින් බිරියගේ හෝ සැමියාගේ පියාත්, මවගේ සහෝදරයාත් සඳහා යෙදෙන ගෞරවාර්ථ යෙදුමක්.
මාමිනි
වි. නැව් සම්බන්ධ ; නාවික.
මාමිනියා
1. නා. මුහුදු යාත්‍රා පිළිබඳ දැනුම ඇත්තා ; නාවිකයා.
2. (කථා.) මහ මිනිහා ; ශ්‍රේෂ්ඨ පුරුෂයා ; නිලධාරියා.
මායම
1. නා. රැවටීම ; කපටිකම ; වංචාව ; ප්‍රයෝගය.
2. ඉන්ද්‍රජාලය ; ඇස්බැන්දුම.
3. දේව, යක්ෂ, භූත ආදින්ගේ දෘෂ්ටි වැටීම ; (ඔවුන්) ආරූඪවීම ; භූතාවේශය.
4. (තෙල් කහට ආදි ද්‍රව්‍යවල) පැල්ලම.
5. ස්වල්පය ; සුළු ප්‍රමාණය.
මායම් වෙනවා
ක්‍රි. දේව, යක්ෂ භූතාදීන් ආරූඪ වෙනවා.
මායා
1. නා.ප්‍ර. තාත්ත්විකව නොපවතින රූප, ඡායා, දෘෂ්ටි.
2. කළ වරද සඟවන ගති ; රැවටිලි ; වංචා.
3. ඇස්බැන්දුම් ; මුළා ; මිරිඟ ; ඉන්ද්‍රජාල.
මාර පරාජය
නා.ප්‍ර. මාරයා පැරදවීම ; බුද්ධත්වයට පැමිණීම.
මාර යුද්ධය
නා. සිදුහත් තවුසාණන් වසවත් මරු සමග කළ සටන ; කාම ක්‍රෝධාදිය නැති කිරීම සඳහා උන්වහන්සේ ගත් වෙහෙස.
මාර සෙනග
1. නා. සිදුහත් තවුසාණන් බුද්ධත්වයට පැමිණීම වළක්වාලනු පිණිස පැමිණි මාර සෙනග.
2. (නව.) අතිමහත් ජනකාය ; විශාල ජන සමූහය.
මාරකය
නා. මරණය ගෙන දෙන උවදුර ; මරණයට හේතුවත කරුණ.
මාරගර්භය
නා. සොහොන් ගැබ.
මාරජි
නා.ප්‍ර. මාරයා දිනූ තැනැත්තා ; බුදුරජාණන් වහන්සේ.
මාරණ
1. නා.ප්‍ර. අබිං විශේෂයක්; කළු අබිං.
2. බෙහෙත් වර්ගවල විෂ මැරීම ; විෂ පහ කිරීම.
1. නා. වධය ; මැරීම ; ජීවිත හානිය.
2. සිවුසැට කලාවලින් එකක්.
මාරණාන්තික
[මාරණ + අන්තික]
වි. මරණයෙන් කෙළවර වන ; මරණය පමුණුවන ; මාරාන්තික.
මාරධෙය්‍ය
නා. මාරයාට අයත් වුව ; නාම, රූප, අරූප යන භවත්‍රය.