සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1229

මාරයා

නා. මාර බ.

මාරවිජය

නා. මරු සමග කළ සටනින් ලත් ජය ; සිදුහත් තවුසාණන් පංච මාරයන් බිඳ බුදුවීම.

මාරස

නා. සඳරැස් ; චන්ද්‍ර කාන්තිය.

මාර්ගඵල

නා. සමථ විදර්ශනා මාර්ගඵල ; සෝවාන් ආදි මර්ගයන්ට අනතුරුව ලබන ඵලය.

මාර්ගය

1. නා. බුදු දහමේ චතුරාර්ය සත්‍යය අතරින් සතරවැන්න වන වන මාර්ග සත්‍යය.
2. ක්‍රමය ; පිළිවෙළ.
3. ගමන් කරන පාර ; මාවත.
4. (සංගී.) හින්දුස්ථානි සංගීතය බෙදන ප්‍රධාන කොටස් දෙකෙන් එකක්.

මාර්ගස්ථ

1. වි. සෝවාන් ආදී මාර්ගයට පැමිණි ; මාර්ගලාභී.
2. මාර්ගයට අයත් ; මාර්ගයෙහි ගමන්ගන්නා.

මාර්ගස්ථයා

නා. සෝවාන් ආදි සතර මාර්ගයෙහි පිහිටි උත්තමයා.

මාර්ගාධිගමය

[මාර්ග + අධිගමය.]
නා. සෝවාන් මාර්ගාදිය අවබෝධ කරගැන්ම.

මාර්ජනය

නා. මැදීම ; නැවත මාලාව නැවත පිරිසිදු කිරීම.

මාර්තණ්ඩ

නා.ප්‍ර. සූර්යයා.

මාර්දවය

නා. මොළොක්බව ; මෘදුබව.

මාරාන්තික

[මාර + අන්තික]
වි. මරණයෙන් කෙළවර වන.

මාරාව

නා. අයිලය ඉදිරියේ උක්කුටියෙන් වාඩි වී සිටින යක්දෙස්සෙකු විසින් හස්ත චලනයෙන් කරනු ලබන අභිනය.

මාරාවිෂ්ට

[මාර + ආවිෂ්ට]
1. වි. මාරයා ආවේශ වූ ; මාරයා ආරූඪ වූ.
2. ඉවක් බවක් නැති කෝපයෙන් යුත්.

මාරාවේශය

[මාර + ආවේශය]
නා. මාරයා ආරූඪ වීම ; මාරයා වැහීම.

මාරිය

නා. අඛණ්ඩ තද වැස්ස ; මහා වර්ෂාව ; තද වැහි කාලය.

මාරියාව

නා. මුහුදේ ඉහළ නැගෙන රැල්ල ; රැල වේගය ; උස් රැල ගෙඩිය.

මාරු කරනවා

ක්‍රි. යම් දෙයක් වෙනුවට වෙනත් දෙයක් ගන්නවා.

මාරු වෙනවා

1. ක්‍රි. වෙනස් වෙනවා ; වෙනස් අතකට හැරෙනවා.
2. අන් තැනකට යනවා.
3. (නව.) අනික් අයට නොදැනෙන්නට සිටි සැනින් පිට වෙනවා ; රහසේ සැඟවී යනවා.

මාරුක්

නා.ප්‍ර. පොල්.

මාරුතය

1. නා. වාතය ; සුළඟ.
2. කුණාටුව.

මාරුව

1. නා. යෙදවීම ; පෙරළීම ; වෙනස් කිරීම.
2. පිළිවෙළ ; ක්‍රමය.
3. වේලාව ; අවස්ථාව.

මාල

1. නා. (ගොඩනැගිලි ආදියෙහි) වහල ; තට්ටුව.
2. සංඝ කර්ම පිණිස සීමා වසයෙන් සම්මත මළුව ; සීමාමාලකය.
3. (ගොඩනැගිලි ආදියෙහි) වහල ; තට්ටුව.
4. මාලය බ.

මාලකය

1. නා. විහාරාරාමාදියෙහි මළුව.
2. සීමා මාලකය.