සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1225

මාතෘක

1. නා.ප්‍ර. එනම් චර්ම ස්ථානය ; කර්ණ නාලියට දෙපසින් දිවේ හා නාසයේ පිහිටි මාරක ස්ථාන අටක් සඳහා යෙදේ.
2. (පාරිභා.) මොළයේ ඇතුළත හෝ පිටත පටල සඳහා ව්‍යවහාර නාමය.

මාතෘකා

1. නා.ප්‍ර. දිය ඇළ.
2. ගෙලෙහි පිහිටි මර්ම නහර විශේෂයක්.
3. විස්තර කර ලියන යමක විෂය නාමය ; මැය ; ශීර්ෂ පාඨය.
4. (පාරිභා.) පරීක්ෂාව.

මාතෘධර්මය

නා. මාතාවන් තුළ පහළ වන දරු සෙනෙහස මුල් කොටගත් ගුණ සමුදාය.

මාතෘනිවාසය

(නව.) නා. 1. දරු ප්‍රසූතිය සඳහා වෙන් වූ රෝහල් විශේෂය ; සූතිකාගාරය.
2. මහලු වූත් අසරණ වූත් ස්ත්‍රීන් රැක බලාගැනීම සඳහා වෙන් කළ නිවාසය.

මාතෘබීජය

(පාරිභා.) නා. ස්ත්‍රී ජන්මාණුව ; ඩිම්බාණුව.

මාතෘභාර්යා

නා.ප්‍ර. අම්මා කෙනකු මෙන් ස්වාමි පුරුෂයාට ආදරයෙන් සලකන බිරිඳ ; මවක වැනි භාර්යාව.

මාතෘස්ථානය

1. නා. මව වසයෙන් පිළිගැනීම ; මව ගේ තැන ; මව් තනතුර.
2. (ජ්‍යෝති.) භාව කේන්ද්‍රයේ මව ගැන කියවෙන ස්ථානය.

මාදක

වි. මත් ගතිය ඇති කරන්නා වූ.

මාදකය

(පාරිභා.) නා. මත් බව ඇති කිරීමට උපයෝගී වන ද්‍රව්‍යය.

මාදණ්ඩ

(කථා.) නා. ඔරුවෙන් දියඹට ගොස් මසුන් මැරීම සඳහා උණ ලීයෙන් තනා ගන්නා ලොකු බිලීපිත්ත.

මාදන

1. නා.ප්‍ර. තඹ නමින් ද හඳුන්වනු ලබන එක්වාර්ෂ ජීවී ශාකය.
2. මත් කිරීම ; ශල්‍ය කර්ම විධි අතර මත්කිරීම එනම් (සිහි නැතිකිරීම) සිහි නැති කිරිම ; නිර්වින්දනය.

මාදල

නා. මූදේ මසුන් මරන්නන් භාවිත කරන ලොකුම දැල් විශේෂය.

මාදවනය

1. නා. පෙඟවීම ; පොඟවා මෘදු කොටස ඉවත් කිරීම ; මත් ගෑම.
2. ආහාර නොගැනීම ආදිය නිසා ශරීරය කෙට්ටු වීම ; ආහාර නොගෙන ශරීරය කෙට්ටු කර ගැනීම.

මාදිලිය

1. නා. ආකෘතිය ; ආදර්ශ රූපය ; මෝස්තරය.
2. පිළිවෙල ; පුරුදු කරගත් විදිය ; ක්‍රියා පිළිවෙල.
3. ආකාරය ; තරාතිරම.

මාධක

වි. මත් කරවනසුලු ; ශාරිරික වේදනා සහ හැඟීම් අඩු කරනසුලු.

මාධ්‍ය

(පාරිභා.) වි. 1. මාධ්‍යය සම්බන්ධ ; අතරමැදි.
2. මධ්‍යගත ; මධ්‍යක ; මධ්‍යන්‍ය.

මාධ්‍යය

1. නා.ප්‍ර. මැද.
2. (පාරිභා.) කිසියම් ක්‍රියාවක් හෝ සිද්ධියක් හෝ චලිතයක් සිදුවීමට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙය.
3. ක්‍රියාවක් ; කිරිමට යොදා ගන්නා මග ; ආධාරකය.
4. මිනිසුන් හා භූතයන් අතර කථා බහේ දී අතරමැදියා ලෙස සිටින්නා ; ප්‍රවාහකයා.

මාධ්‍යයීය

(පාරිභා.) වි. මධ්‍යම ; මධ්‍යගත.

මාධූර්ය

1. වි. මිහිරි බව ඇති ; රසවත් ; මධුර.
2. (අලං.) ශෘංගාරාදි රස යුක්ත කිරීමාදී ලක්ෂණ ඇති ; ප්‍රාණ ගුණ සහිත.

මාධූර්යය

1. නා. රසවත් බව ; මිහිරි බව.
2. (අලං.) කාව්‍ය ගුණයක්.
3. පද්‍යයක අකුරු හා පද නිසි ලෙස ගැළපීමෙන් මතු වන ශබ්ද සාම්‍යය.

මාන

1. වි. තමා උසස් යැයි සිතන ; අහංකාර ; උඩඟු.
2. සිටින ; පවතින ; අයත් වන.
1. නා.ප්‍ර. තමා උසස් යන ආකල්පය ; අහංකාරය ; මාන්නය.
2. ක්ලේශ ධර්මයක් ; දශ ක්ලේශවලින් එකක්.
3. බුහුමන ; සම්මානය ; පිදීම.
4. උපක්‍රමය ; උපාය ; ප්‍රයෝගය.
5. සිත ; චිත්තය.
6. උන්නතිය.
7. සැකය ; අනුමානය.
8. (කථා.) රැවටීම ; වංචාව ; ප්‍රයෝගය.
9. ප්‍රමාණය ; තරම ; දිග හෝ පළල හෝ ගනකම.
10. සම්මත ප්‍රමාණයේ මිම්ම ; මිනුම.
(තරාදි සේරු ආදියෙන්) ද්‍රව්‍ය ප්‍රමාණ කිරීම.
(පාරිභා.) ප්‍රස්තාර රේඛා කර්මයෙහි භාවිත මානකයක් ; යාන්ත්‍රික ඇඳීමේදී යම් කොටසක උස, පළල, ඝනකම පිළිබඳ සෘජු රේඛාව මැනෙන සම්මත මිනුම්.
11. දිසාව ; පැත්ත.
12. සීමාව ; කෙළවර ; මර්යදාව.
13. ප්‍රදේශය ; කොටස ; සරිය.
14. ආකාරය ; පිළිවෙල ;
15. කාලය ; ඉඩ ප්‍රස්තාව ; අවධිය.
16. සිඛාව ; කුඩුම්බිය.
17. තෘණ විශේෂයක් ; මාන.
1. නි. වැනි ; සමාන ; මෙන්.
2. මනින ; මැනීමට යොදාගන්නා ; මානයකට අයත්.

මාන බලනවා

ක්‍රි. (යමක් කිරීමට) ඉඩ ප්‍රස්තාවක් විමසනවා ; ඔත්තු බලනවා ; විපරම් කරනවා.

මානකය

1. නා. මැනීමේ ශාස්ත්‍රය.
2. මනින උපකරණයක්.

මානකූටය

නා. සොර මිනුම් හා තරාදි ආදිය යොදාගෙන කරන වංචා සහගත වෙළඳාම.