සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1281
යටිකුරු ප්‍රතිබිම්බය
(පාරිභා.) නා. උඩ යට මාරු වී පෙනෙන අනුරූපය ; පිළිබිඹුව.
යටිකුරු විස්ථාපනය
(පාරිභා.) නා. යටි අතට මාරු වී සිදු වන ස්ථාන මාරුව.
යටිකුරු වෙල්ස්ම
(පාරිභා.) නා. ලෝහ කැබලි එක් කොට උණු කිරීමෙන් හෝ තැළීමෙන් හෝ ඒකාබද්ධ කිරීමේ ක්‍රමයක්.
යටිගං
නා.ප්‍ර. ගඟේ පහළ කොටස ; පහළ ගඟ.
යටිගිරිය
නා. උගුරේ යට කොටස ; උගුර යට.
යටිගොන්න
නා. විශේෂයෙන් නිවර්තන වනාන්තරවල විශාල ගස් යට වැඩෙන පඳුරු පැළෑටි සමූහය.
යටිතල්ල
නා. මුඛයෙහි තලු දෙකින් පහත කෑල්ල ; යටින් පිහිටි තල්ල.
යටිතුරාව
නා. (ධීව.) රුවලේ පහත කොටස.
යටිතොල
නා. මුඛයෙහි තොල් දෙකින් පහළ තොල ; පහළින් පිහිටි තොල.
යටිදිස්න සායම
(පාරිභා.) නා. මැටි කර්මාන්තය ආදී ගෘහ කර්මාන්ත සඳහා ප්‍රයෝජනයට ගන්නා විශේෂ සායම් වර්ගයක්.
යටිනැමි නිම්නය
(පාරිභා.) නා. පොළෝ පෘෂ්ඨයේ අවපාත රැලිවලින් සෑදෙන නිම්නයක්.
යටිනැමි ප්‍රවණතාව
(පාරිභා.) නා. අගය අඩු වීම ; මිල ගණන් ඉහළ යාම.
යටිපස
නා. මතුපිට පසට යටින් ඇති පස.
යටිපිල
නා.ප්‍ර. අංකෙළිය, පොල් ගැසීම ආදී ක්‍රීඩාවලට එළඹෙන පක්ෂ දෙකින් එකක්.
යටිපෝරුව
නා. චිත්‍ර කර්මාන්තය පුහුණුවීම සඳහා භාවිත කරනු ලබන අඳින ලෑල්ල.
යටිමඩි ගහනවා
ක්‍රි. මුදල් හදල් වංචා කරනවා ; ණය හිලවු නොපෙන්නා හඟවනවා ; සොරකම් කරනවා.
යටිය
1. නා. යෂ්ටිය ; රිට.
2. වැල ; ලතාව.
3. මාලය.
යටිසිත
නා. මතුපිටින් ක්‍රියාත්මක නොවන අභ්‍යන්තර සිත ; යටි හිත.
යටිසුළඟ
නා. සුළඟ හමන දිසාවට අභිමුඛ වූ පැත්ත ; අනුවාතය.
යටිහක්ක
නා. මුඛය තුළ ඇති හනු දෙකෙන් යටින් ඇති හනුව ; යටිහනුව.
යත
නා. යන්ත්‍රය ; යමක් තෙරපීමට හෝ මිරිකීමට හෝ උපකාරි වන උපකරණය.
යතනය
නා. උත්සාහය ; ප්රයත්නය.
යතනවා
ක්‍රි. මෙහෙයනවා ; තල්ලුකරනවා ; තෙරපනවා.
යතර
නා. යාත්‍රාව ; ගමන.