සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1282

යතලබ

නා.ප්‍ර. ලැබුණු ප්‍රමාණය; යථාලාභ.

යතවිදි

වි. නියමය නොඉක්මවූ ; නියමයට එකඟ වූ.

යත්නය

නා. උත්සාහය ; ප්‍රයත්නය ; තැත.

යති

1. නා.ප්‍ර. කෙලෙස් තවන්නා ; මෝක්ෂ ගවේෂකයා ; භික්ෂුව.
2. විරාමය ; නැවැත්ම.

යතිනායක

නා. නායක භික්ෂුව ; යතීන්ද්‍රයා ; යතිඳු.

යතීශ්වරයා

[යති + ඊශ්වරයා]
නා. සංඝයාගේ ප්‍රධානයා ; සංඝ නායකයා ; යති නායකයා.

යතු කුඩු

නා.ප්‍ර. යතු කැටයෙන් ලී ගෑවෙන විට කැපී ඉවත් වන ලී කුඩු.

යතු ගානවා

ක්‍රි. යතු කැටයෙන් ලී මට්ටම් කරනවා.

යතු තලය

නා. ලීයක් මතුපිට කැපී ගෑවී යාම සඳහා යතුකැටය මැද සවි කර තිබෙන මුවහත් කළ වානේ තහඩුව.

යතුකැටය

නා. වඩුවන් ලී මට්ටම් කිරීමට භාවිත කරන උපකරණයක් ; යත්ත.

යතුර

1. නා. පිටත් ව යෑම ; ගමන ; ප්‍රයාණය ; යාත්‍රාව.
2. ගමන් මග ; ප්‍රධාන මාර්ගය.
3. දොර පියන් ආදිය තද ව වැසීමට සවි කරන උපකරණය ; අගුල ; කෙස්ස.
4. ගංගා සමුද්‍රය තරණය කිරීමට යොදාගත් යාත්‍රාව ; නැව.
5. ඖෂධීය රස මිරිකා පෙරා ගැනීමට භාවිත කළ යන්ත්‍ර විශේෂයක්.
6. මුද්‍රිකාව.
7. ගාංචුව.
8. බැත පාහින කුඩා කූල්ල.
9. යන්ත්‍රය චලනය වන කොටස් සහිත උපකරණය.

යතුරු ඇණය

1. නා. දැව ලියන පට්ටලයේ කොටසක්.
2. බෝල්ට් ඇණය.

යතුරු ඇහිරුම

නා. පරිගණකයේ එක ළඟ පිහිටුවා ඇති සමාන ක්‍රියාකාරකම් සහිත යතුරු එකතුව.

යතුරු එළනවා

ක්‍රි. යතුරු දමනවා ; යතුරු දමා වසනවා.

යතුරු ඔංචිල්ලාව

නා. කීපදෙනකුට එක් වර පැදිය හැකි ඔංචිල්ලා වර්ගයක්.

යතුරු කටුව

නා. දෙකොණ එකට බැඳෙන ලෙස ඇඳුමට ගසන කටුව ; හැට්ට කටුව ; ආයා කටුව.

යතුරු කපොල්ල

නා. යතුරු බහාලන සිදුර ; යතුරු කවුළුව.

යතුරු ගිරි මුට්ටුව

නා. දැව භාණ්ඩ සෑදීමේ දී ලී කැබලි සන්ධි කරන ක්‍රමයක් ; කීන හන්දිය.

යතුරු දිය

නා.ප්‍ර. යන්ත්‍රයක් මගින් නළයක් තුළින් ඉහළට විදිය ජලය ; යන්ත්‍රෝදකය.

යතුරු දුන්න

නා. යාන්ත්‍රික දුන්න ; ඉබේ ක්‍රියා කරන මරු වැල බැඳි දුන්න.

යතුරු නළය

නා. ජලය විදින පොම්පය ; යන්ත්‍ර නාළය.

යතුරු පහර

නා. පරිගණකයේ යතුරු පුවරුවේ යතුරක් ඔබා අතහැරීමේ ක්‍රියාවලිය.

යතුරු පැදිය

නා. යාන්ත්‍රික බලයෙන් ධාවනය වන රෝද දෙකක් ඇති වාහනය ; මෝටර් බයිසිකලය.

යතුරු පුවරු කෙටි මග

නා. පරිගණකයේ කිසියම් විධානයක් ක්‍රියාවට නංවන යතුර හෝ යතුරු එකතුව.