සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 133
අපහාසය
1. නා. අවමානය; නින්දාව; පරිහාසය.
2. නා. අවඥාව.
අපහිත
වි. සැඟවුණු; ප්‍රකට නැති.
අපහෘත
වි. පැහැරගෙන යන ලද; බැහැර කරන ලද; ඉවත් කරන ලද.
අප්
නා.ප්‍ර. සතර මහා භූත අතරින් එකක් වන ආපෝ ධාතුව; ජලය.
අප්කිසුණු
නා.ප්‍ර. (අභි.) ආපෝ ධාතුව හෙවත් ජලය අරමුණ වශයෙන් ගෙන කරන කසිණ භාවනාව; ආපෝකසිණය.
අප්ධාතුව
නා. (අභි.) ජලයේ මුල ස්වභාවය; ද්රවතාව; තෙත් ගතිය; ආපෝ ධාතුව.
අප්පච්චි
නා. පියා; තාත්තා.
අප්පටිභා
නා.ප්‍ර. නොවැටහීම; අනවබෝධ.
අප්පටිවේධ
නා.ප්‍ර. අවබෝධ කර නොගැනීම; නොදැනුම.
අප්පටිසන්ධි
නා.ප්‍ර. ප්රතිසන්ධි රහිතබව; නැවත ඉපදීමක් නැතිබව.
අප්පණාව
නා. (අභි.) සිත ධ්‍යානගත කරවීම; සිත අරමුණෙහි පිහිටුවීම.
අප්පණිහිත
වි. (අභි.) රාග, දෝස, මෝහ, ප්‍රණිධි නැති. තෘෂ්ණා සඞ්ඛ්‍යාත ප්‍රාර්ථනා නැති.
අප්පමඤ්ඤා
නා.ප්‍ර. අප්‍රමාණ සත්ත්වයන් කෙරෙහි පවත්වන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන බ්‍රහ්ම විහරණ සතර.
අප්පමාණ
වි. සීමා රහිත; අනන්ත; අප්‍රමාණ.
අප්පමාද
නා.ප්‍ර. නොපමාව; සිහියෙන් යුතු ව විමසීම.
අප්පමෙය්ය
වි. මැනිය නොහැකි; ප්‍රමාණ කළ නොහැකි; අප්‍රමාණ.
අප්පල්ල
නා. ආහාර පිසීමට ගන්නා කට පළල් මැටි බඳුන.
අප්පවාරිතය
නා. (විනය.) නොපවරන ලද දෙය; බාර නොකළ දෙය.
අප්පා
නා. පියා; තාත්තා; අප්පච්චි.
අප්පානකයා
නා. ආශ්වාස ප්‍රශ්වාස කිරීමේ අවයව නොමැති ව උපදින සත්ත්වයා.
අප්පිච්ඡතාව
නා. ස්වල්ප වූ ආශා හෝ බලාපොරොත්තු ඇතිබව; අල්පේච්ඡතාව.
අප්පිඩි
නා.ප්‍ර. හඬ නගින සේ එකට ගැසීමට, එක් කළ අතුල්තල.
අප්පිඩිලෑල්ල
නා. හේනේ හෝ කුඹුරේ හෝ කුරුල්ලන් එළවීම සඳහා අටවාගන්නා ටකපෝරු විශේෂයක්.
අප්පිරියාව
නා. නොකැමැත්ත; අරුචිය; ප්‍රිය නොවීම.