සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 134
අප්පු කරනවා
ක්‍රි. හප්පනවා; වද්දනවා.
අප්පුච්චා
(කථා.) නා. පියා.
අප්රසය
නා. දියෙහි ඕජාව; ජලයෙහි සාරය.
අප්සරා
නා.ප්‍ර. ගාන්ධර්ව ප්රියාවන් වන සුරංගනා විශේෂයක්.
අප්‍රකට
1. වි. පැහැදිලි නැති; පැහැදිලිව නොපෙනෙන.
2. වි. අප්‍රසිද්ධ; සැඟවුණු.
අප්රකම්ප්ය
වි. සෙලවිය නොහැකි; කම්පා කළ නොහැකි.
අප්‍රකාශ
1. වි. නොදිලිසෙන; නොබබළන.
2. වි. පැහැදිලි නොවූ; ප්‍රකට නොවූ; සැඟවුණු.
3. (උද්භි.) වි. ආලෝකය නැති හෝ දුර්වල හෝ තැන වැඩෙන(=aphotic).
අප්රතිදාන
(පාරිභා.) වි. ආපසු නොදෙන (=unrequited).
අප්රතිපන්න
වි. නොපැමුණුණු; නොඑළඹුණු.
අප්‍රතිභාග
වි. සමාන වූ අනිකකු නැති; අසමාන.
අප්‍රතිම
වි. උපමා කළ හැකි අනිකකු නැති; අනුපම; අසමාන.
අප්‍රතිවේධ
නා.ප්‍ර. සත්‍යාවබෝධයෙන් තොරබව; අනවබෝධය.
අප්‍රතිෂ්ඨ
වි. රැඳී සිටීමට උපකාර වන දෙයක් නැති.
අප්රතිෂේධය
නා. නොවැළැක්වීම.
අප්‍රතිසම
වි. සමානයකු නැති; සදෘශයකු නැති; අසම.
අප්‍රතිසරණ
වි. පිළිසරණක් නැති; පිහිටක් නොමැති.
අප්‍රතිහත
වි. බාධා නොකරන ලද; නොවළකන ලද.
අප්රතීත
වි. නොසතුටු; අප්‍රසන්න.
අප්රදාලිත
වි. නොපැළුෑ; නොනැසූ.
අප්‍රධාන
වි. ප්‍රධාන නොවන; නොවැදගත්.
අප්රබුද්ධ
1. වි. නොපිබිදුණු; පිබිදී නැති.
2. වි. නුවණ මුහුකුරා නොගිය; ප්‍රාඥ නොවූ.
3. වි. විනාශයට නොපැමිණි; විකසිත නොවූ; නොපිපුණු.
අප්‍රභව
වි. ප්‍රභවයක් නැති; හේතුවක් හෝ මූලයක් හෝ නොමැති.
අප්‍රභ්‍රංශ
1. නා.ප්‍ර. ඉන්දියානු ප්රාකෘත භාෂාවක්.
2. (රූඪි.) නා.ප්‍ර. නොතේරෙන බස; දූෂිත භාෂාව; ව්‍යාකරණානුකූල නොවූ භාෂා ව්‍යවහාරය.
අප්රභූත
වි. ප්‍රමාණවත් නොවන; නොසෑහෙන.