සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1397
ලිංගහෝමෝනය
(පාරිභා.) නා. ලිංග ක්‍රියාකාරිත්වය උත්තේජනය කරන හෝමෝනය.
ලිංගික අපරාධය
නා. අයුතු ලෙස ලිංගික ක්‍රියාවල යෙදීමෙන් සිදුකරන අපරාධය ; ස්ත්‍රී දූෂණාදිය සිදු කිරීමෙන් කරනු ලබන අපරාධ.
ලිංගික ආශාව
නා. ලිංගික ක්‍රියා පිළිබඳ පවත්නා ඇල්ම ; කාමාශාව.
ලිංගික ද්විරූපතාව
නා. දෙ ආකාරයකින් හැඳින ගත හැකි ලිංග ස්වරූපය ; අභ්‍යන්තර හා බාහිර ශාරීරික ස්වරූප දෙකෙන් ම දැකිය හැකි ලිංගික විෂමතාව.
ලිංගික පරිණතභාවය
නා. ප්‍රජනනය කිරීමේ හැකියාව.
ලිංගික පරිමිතිය
නා. වර්ණදේහ එකතුවීමේ දී ඇතිවන සීමාව ; ලිංගික වර්ණදේහ සම්ප්‍රේෂණය අනුව සංසේචනයේ දී උපදිනුයේ ගැහැණියක් ද පිරිමියෙක්ද යන්න තීරණය කිරීමේ පිළිවෙළ නම් වූ ස්ත්‍රී වර්ණදේහ හා x, y නම් වූ පුරුෂ වර්ණදේහ එක්වීමේ පිළිවෙළ.
ලිංගික ප්‍රචාරණය
නා. බීජ මගින් ශාක බෝවීම.
ලිංගික ප්‍රජනනය
නා. ලිංගික ක්‍රියාවලියේදී අලුත් ජීවියකු පහළ වීම සඳහා ජන්මානු හා ජන්මානු න්‍යෂ්ටි සංයෝජනය වීම.
ලිංගික වරණය
(පාරිභා.) නා. සංසර්ගය සඳහා තිබෙන තරඟය නිසා සිදුවන වරණය.
ලිංගික විභේදනය
(පාරිභා.) නා. සත්වයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය වෙන් කොට දැක්වීම.
ලිංගික ශක්තිය
(පාරිභා.) නා. ලිංගික ක්‍රියාවලියේ නියුක්තවීමට ඇති හැකියාව.
ලිංගික සම්බන්ධය
නා. ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ලිංගික ව ඇතිවන ඇසුර ; සම්භෝගය ; සංසර්ගය.
ලිංගිකතාව
1. නා. ජීවියකු කෙරෙහි පිහිටි ගැහැණු හා පිරිමි බව ; ලිංගිකත්වය.
2. ලිංගිකව ඇති වන එක්වීම ; සංසර්ගය.
ලිංගුස්
නා.ප්‍ර. ඌරුමස් විශේෂ ක්‍රමයකට පදම් කොට කුළුබඩු හා ලුණු දමා වියළාගෙන, එම අන්ත්රවලම පුරවාගත් අඟල් කීපයක් දිග මස් කුට්ටි.
ලික්ඛාව
1. නා. උකුණාගේ බිත්තරය ; ලේඬියා ; ලික්කාව ; ඇල්මුවා.
2. ඌකා නම් පරිමාණයෙන් 1/8 ක පංගුව ; ධූලි අංශුව හෙවත් රථ රේණු 30 ක ප්‍රමාණය.
ලිඛනය
1. නා. ලිවීම ; ලේඛනය.
2. කැපීම ; පැළීම ; ඉරා දැමීම.
ලිඛිත
වි. ලියන ලද ; ලේඛනගත කරන ලද ; සටහන් කරනු ලැබූ.
1. නා.ප්‍ර. ලිවීම ; ලිපිය ; ලියන ලද දෑ ; ලේඛනය කළ දෙය.
2. ලිවීම උගන්වන ශාස්ත්‍රය; ලිවීම පිළිබඳ කලාව ; ලේඛන පිළිබඳ අධ්‍යයනය කිරීමේ විද්‍යාව.
ලිඛිත ආණ්ඩුක්රමය
නා. යම්කිසි රටක ලියන ලද ව්‍යවස්ථාවකට අනුකූලව කරනු ලබන ආණ්ඩුක්රමය ; පාලන ක්‍රමයක් සඳහා සටහන් කරනු ලැබූ නීති රෙගුලාසි ව්‍යවස්ථා පද්ධතිය.
ලිඛිත ආයාචනය
නා. කට වචනයෙන් නොව ලියවිල්ලකින් කරනු ලබන අයැදුම.
ලිඛිත ඉතිහාසය
නා. ලේඛනගත ඓතිහාසික පුවත ; ලියන ලද ඉතිහාසය.
ලිඛිත ගිවිසුම
නා. යම් කරුණක් සම්බන්ධ දෙපක්ෂයක් අතර ලියවිල්ලක් මාර්ගයෙන් ඇති කරගන්නා පොරොන්දුව හෝ එකගතාව ; ලේඛනයක් ලෙස පිළියෙල කරන ලද ප්‍රතිඥාව.
ලිඛිත නීතිය
නා. සමාජ යහපත උදෙසා ලේඛනගත කොට ඇති නීති පද්ධතිය.
ලිඛිත පරීක්ෂණය
නා. යම්කිසි භාෂා මාධ්‍යයකින් ලියා කරනු ලබන පරීක්ෂණය.
ලිඛිත ප්‍රකාශය
නා. ලියවිල්ලක් මගින් දෙනු ලබන ප්‍රකාශය ; ලිඛිත ව ප්‍රසිද්ධියට පත් කරන අදහස.