සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1503
වැදියකා
නා. තාල වර්ගයේ ගස්වලට උපද්‍රව කරතැයි සැලකෙන යක්ෂයා ; කැලෑවට හා ගස්වැල්වලට අධිපති යක්ෂයා.
වැදිරි
නා.ප්‍ර. තාපසයා ; යෝගියා ; තවුසා.
වැදිරෝගය
නා. ව්‍යාධිය ; අසනීපය.
වැදිසේර
නා.ප්‍ර. වැදි පරපුර ; වැදි පිරිස ; වැදි සනුහරය.
වැදූ ගෙය
1. නා. ප්‍රසූතිය සිදුවූ ගෙදර ; තිඹිරිගෙය.
2. දරුවන් වැදූ කාන්තාව ; වැදුමව.
වැදූ පියා
නා. ජාතක කළ පියා ; තමාගේ ම පියා.
වැදෙනවා
1. ක්‍රි. ප්‍රවිෂ්ට වෙනවා ; පිවිසෙනවා ; ඇතුළු වෙනවා.
2. හැපෙනවා ; වදිනවා.
වැනතු වෙහෙළි
නා.ප්‍ර. ඇඳ, පුටු ආදියෙහි හේත්තුවන ඇඳි.
වැන්දඹු වත
නා. සැමියා මළ ස්ත්‍රියක විසින් පිළිපැදිය යුතු සිරිත් විරිත්.
වැන්දඹුව
නා. සැමියාගේ මරණින් පසු අවිවාහක ව සිටින කාන්තාව ; කණවැද්දුම් ස්ත්‍රිය ; විධවාව.
වැන්දැටි
[වැන්ද + අටි]
නා.ප්‍ර. වැඳීමට කැමැති.
වැනිලා
1. නා.ප්‍ර. ඕකිඩ් කුලයට අයත් ශාකයක්.
2. එම ශාකයේ කරල්.
3. කරල්වලින් ලබාගන්නා සාරය.
වැනිලින්
නා.ප්‍ර. (රසා.) වැනිලා වල ඇති සුවඳ ද්‍රව්‍යය.
වැනිස්ටා
නා.ප්‍ර. සිවි වැනි තුනීලෑලි කීපයක් අලවා සාදන ලෑලි විශේෂයක්.
වැනේඩියම්
නා.ප්‍ර. ලෝහමය මූල ද්‍රව්‍යයක් ; වානේ පැහැය ඇති තද ලෝහයක්.
වැඳි
1. නා.ප්‍ර. දරුවන් නැති ස්ත්‍රිය ; වඳ ස්ත්‍රිය.
2. සැමියා මළ ස්ත්‍රිය ; වැන්දඹුව.
3. වන්දිභට්ටයා ; ප්රශස්ති ගායකයා.
වැපාදය
නා. ව්‍යාපාදය ; ක්‍රෝධය ; වෛරය.
වැපාරයා
1. නා. ව්‍යාපාරිකයා.
2. සේවයෙහි යෙදෙන්නා.
වැපුද
නා.ප්‍ර. පුරාණ පහන් පූජා ක්‍රමයක්.
වැම
1. නා. දිග මනින මිම්මක්; හතර රියනක ප්‍රමාණය ; බඹය.
2. උත්සාහය ; වෑයම.
3. දැරීම ; විඳීම.
4. රෙදි විවීම සඳහා භාවිත කරන උපකරණයක් ; වියන පටිය ; හැඩලීය.
5. දැරිම ; විඳීම.
වැය
නා.ප්‍ර. මුදල හෝ භාණ්ඩ හෝ ශ්‍රමය ක්ෂය වීම ; වියදම ; යම් කටයුත්තකට වියදම් කරන මුදල.
වැය ගෙවුම්
නා.ප්‍ර. පුද්ගලයකුට හෝ ආයතනයකට මුදලින් හෝ භාණ්ඩ වලින් කරන ගෙවීම්.
වැය ශීර්ෂය
නා. ආයතනයක විවිධ කාර්යවලට වෙන් කෙරෙන මුදල් ප්‍රමාණය ; වැය කොටස.
වැයකැමියා
නා. ආයතනයක ගෙවීම් භාරව කටයුතු කරන නිලධාරියා ; රාජභාණ්ඩාගාරයේ වියදම් පිළිබඳව කටයුතු කරන තැනැත්තා.