සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1502
වැඩි
1. වි. උතුම් ; විශාල ; ලොකු.
2. වැඩුණු ; වර්ධනය වූ.
3. පමණ ඉක්මවන.
වැඩි කරනවා
1. ක්‍රි. දියුණු කරනවා ; වර්ධනය කරනවා.
2. සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් ගුණ කරනවා.
වැඩිතැන්
නා.ප්‍ර. තෙරුන් වහන්සේ ; ස්ථවිරයන් වහන්සේ.
වැඩිපද
නා.ප්‍ර. ආඩම්බර බව ; පමණට වැඩිකම ; අහංකාරකම.
වැඩිමනක්
වි. අධික ; වැඩිපුර ; ඉතිරි ; ප්‍රමාණය ඉක්ම වූ.
වැඩිවිය
නා.ප්‍ර. වැඩුණු වයස ; තරුණ විය.
වැඩිවිය පැමිණෙනවා
ක්‍රි. තරුණ වයසට පත්වෙනවා ; ළමාවිය ඉක්මවනවා ; කොටහළු වෙනවා.
වැඩිසිටි
1. වි. වයසින් වැඩී සිටියා වූ ; වයෝවෘද්ධ ; වැඩිමහලු.
2. ළමාවිය ඉක්ම වූ.
වැණිය
නා. කොත.
වැති
1. නා.ප්‍ර. බඳුන ; භාජනය.
2. ඉණි සිටුවා බඳින වැට ; වැටි.
3. විත්තිය ; විස්තරය ; වාර්තා.
වි. ව්‍යක්ත ; චතුර ; දක්ෂ.
වැතිරෙනවා
1. ක්‍රි. දිගාවෙනවා ; හාන්සිවෙනවා.
2. පැතිරෙනවා.
වැදගත්
වි. සැලකිය යුතු ; උසස් ; යහපත්.
වැදගැම්ම
නා. ප්‍රයෝජනය ; යහපත ; වැදගත්කම.
වැද්දගන්නවා
ක්‍රි. ඇතුළුවීමට ඉඩ හෝ අවසර දෙනවා ; බාර ගන්නවා ; ඇතුළට ගන්නවා.
වැද්දය
නා. වරද ; වද්ය්ය ; වැරැද්ද.
වැද්දා
1. නා. වනාශ්‍රිත ව ජීවත්වන පැරණි දේශීය ජන කොට්ඨාසයක්.
2. සතුන් මරා ජීවත්වන වනචාරියා.
වැද්දුම
නා. පූට්ටු කිරීම.
වැද්දුම් කරාමය
නා. වඩුවැඩවල දී ලෑලි එකට වැද්දුම් කිරිම හෙවත් මූට්ටු කිරීම සඳහා භාවිත කරන උපකරණය.
වැදැල්ල
නා. කුට්ටිය ; කැබැල්ල ; කොටස.
වැදෑමහ
නා. ගැබ්ගතව පවත්නා කලලය ආවරණය කරමින් එය පෝෂණය කරන සිවිය.
වැදෑරුම්
වි. ආකාර ; අයුරු ; ප්‍රකාර.
නා.ප්‍ර. සංවිධානය ; මෙහෙයවීම.
වැදි
වි. වැද්දන් පිළිබඳ වූ ; වැද්දන් වෙසෙන ; වැද්දන් සතු.
නා.ප්‍ර. තුති ගී ගයන්නා ; ස්තුති පාඨකයා ; වන්දිභට්ටයා.
වැදි පත්තුව
නා. වැද්දන්ගේ ගම්මාන පිහිටි ප්‍රදේශය ; වැද්දන් විසූ පත්තුව නම් පුරාණ පාලන ඒකකය.
වැදි සන්නිය
නා. දහඅට සන්නියෙන් එකක් ; සන්නි යක්ෂයාගේ ආකාර විදහා දැක්වෙන නැටුම.